ළමා අපයෝජන වලට එරෙහිව තීරණ රැසක් – ළමා අධිකරණ 18ක්, නීති හදන්න කමිටු 5ක්

රට පුරා පළාත් නමය තුළම ළමා මහේස්ත්‍රාත් අධිකරණ 09ක් සහ ළමා මහාධිකරණ 09ක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.

ජාතික ළමාරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපතිනී නීතීඥ සුජාතා අලහප්පෙරුම මහත්මිය සදහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ළමා අපචාර, ළමුන්ට එරෙහිව සිදුකෙරෙන හිංසන සහ ජනමාධ්‍යයෙහි සමාජ බලපෑම යන මැයෙන් පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ය.

දැනට අප රටෙහි ළමා අධිකරණ පවතින්නේ බත්තරමුල්ලේ සහ යාපනය ළමා මහේස්ත්‍රාත් අධිකරණ දෙකක් පමණි.

එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන අතර එම නිසා මහේස්ත්‍රාත් අධිකරණවල ළමා නඩු විසදීමේදී ළමයින්ට වැඩිහිටියන් සමග ගැටීමට සිදුවන අතරම නඩු අධික බව නිසා ළමා නඩු කල්යාමේ ප්‍රවණතාවයක්ද ඇතිවේ.

එබැවින් ඒම ගැටලු වැළැක්වීම සදහා ළමා මහේස්ත්‍රාත් අධිකරණ 09ක් සහ ළමා මහාධිකරණ 09ක් පිහිටුවීමට රජයට යෝජනා කළ බවද ඇය සිහිපත් කළාය.

2020 ඔක්තෝබර් මස 02 වන දින අධිකරණ ඇමතිතුමන් විසින් ළමයින් සම්බන්ධව පවතින යල් පැනගිය නීති සංශෝධනයට පියවර ගන්නා ලෙස ළමාරක්ෂක අධිකාරියට දැන්වූ බවද ඒ් අනූව අප රට තුළ ළමයින්ට පනවා ඇති නීති සංශෝධනය කිරීම අරඹමින් ජනාධිපති නීතීඥයින්, මහාචාර්යවරුන් ආදීන්ගෙන් සැදුම්ලත් විද්වත් මණ්ඩල 05ක් රැස්කර එනම් කමිටු 05ක් සකසා, එම නීති සංශෝධන කටයුතු ඇරඹූ බවද ඇය කියා සිටියාය.

අප රටේ ආඥා පනත් රාශියක ළමයා සම්බන්ධයෙන් අර්ථ නිරූපන විවිධාකාර ලෙස දක්වා ඇති බවද, අධිකරණ ඇමතිවරයාගේ උපදෙස් අනූව ඒම සියල්ල එක් මට්ටමකට ගෙන ඒමෙන් අනතුරුව විශ්ව ළමා ප්‍රඥප්තියට අනුකූල වන පරිදි ළමයෙක් යනු වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙකු ලෙස පිළිගන්නා බැවින් අපගේ පනත් 13ක ඒක් ඒක් වයස් සීමා වල තිබුණු ළමයාගේ වයස 18 දක්වා සංශෝධනය කිරීමට යෝජනා කළ බවද ජාතික ළමාරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපතිනිය සදහන් කළාය.

දෙවනි කමිටුව ළමා හිතකාමී අධිකරණ පද්ධතියක් පිහිටුවීම සදහා පත් කළ බවද මෙලෙස ළමයින්ට හිතකර ලෙස නීති සංශෝධනයට මෙම කමිටු 05 ක්‍රියා කරන බව ඇය වැඩිදුරටත් පැහැදිළි කළාය.

ළමා හිංසනයන් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි යොමු කළ යුත්තේ කෙසේ ද?

1929 දුරකථන අංකය ඔස්සේ අපට පැමිණිලි යොමු කළ හැකියි. ඊට අමතවර 1929 යෙදවුම (App) අන්තර්ජාලය ඔස්සේ බාගත කරගැනීමෙන් හෝ 07732 200 31 වට්ස් ඇප් අංකය ඔස්සේ වොයිස් මැසේජ්, ටෙක්ස්ට් මැසේජ් හෝ ඡායාරූප අප වෙත යොමුකිරීමේ අවස්ථාව ද තිබෙනවා. එසේම 01127787 67 යන අංකයට ෆැක්ස් පණිවිඩයක් ලබාදීමට ද 1929, ශ්‍රී ජයවර්ධනපුර යන ලිපිනයට ලිපියක් යොමු කිරීමට ද හැකියි. එසේ ම ආයතනය පැය 24 පුරා විවෘතව පවතින අතර පැමිණ, පැමිණිලි යොමු කිරීමේ හැකියාව ද ඇත.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *