කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ මරණයක් – සියදිවි හානිකරගෙනිමක් බව පොලිසිය පවසයි

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ගැන කැබිනට් තීරණයක්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ගැන කැබිනට් තීරණයක්

රත්මලාන කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ සහකාර කළමණාකාරවරියගේ සිරුර වෛද්‍ය පීඨයේ ගොඩනැගිල්ලක් පාමුල තිබී සොයාගනු ලැබුවේ (20) දහවල් කාලයේදී යි. පානදුර ප්‍රදේශයේ පදිංචි ඇය එම ගොඩනැගිල්ලේ පහල මහලයේ සේවය කරමින් සිට ඇති අතර පසුව ඇය 6වන මහලට ගොස් ඇති බව පොලීසිය සඳහන් කරනවා.

ඇයට 6වන මහලට යාමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් එසේ ගොස් එම මහලින් ඇය බිමට පැන සියදිවි හානිකරගෙන ඇති බවටත් පොලිසිය පවසනවා. මියයන විට 31 හැවිරිදි වියේ පසුවූ ඇය එක්දරු මවක්. මානසික ආතතිය හේතුවෙන් ඇය මෙලෙස සියදිවි හානිකර ගන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ 6 වෙනි මහලින් වැටී මීට ඉහත 2019 අගෝස්තු මාසයේත් මරණයක් සිදුව තිබුණා. එලෙස මියගොස් තිබුණේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි රුපලාවන්‍ය ශිල්පිණියක්.

ඇය ද 6වන මහලෙන් පහලට පැනීම හේතුවෙන් මියගොස් ඇති බවට බොරලැස්ගමුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මේ සම්බන්දයෙන් පොලිස් විමර්ශන ආරම්භ කෙරුණා. මියගිය තැනැත්තිය වයස අවුරුදු 28ක් වූ පන්නිපිටියේ පදිංචි ක්‍රිස්ටියන් ෆර්නාන්ඩෝ යන නමින් හඳුනාගෙන තිබුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *