ඔලිම්පික් යන ලංකාවේ පළමු ජිම්නාස්ටිස් ක්‍රීඩිකාව

තවත් දින දෙකකින් ජපානයේ ටෝකියෝහිදී ආරම්භ වන 32 වන ඔලිම්පික් උළෙලේදී ජිම්නාස්ටික් ක්‍රීඩාව සඳහා එක්වීමට මිල්කා ගෙහානි සුදුසුකම් ලබා තිබෙන අතර එදා මෙදා තුර ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම ඉසව්ව වෙනුවෙන් ඔලිම්පික් නියෝජනය කරන එක ම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව බවට මිල්කා පත්ව තිබේ.

2003 වසරේ අප්‍රෙල් මස 24 වන දා උපන් මිල්කා ගෙහානි 2016 වසරේදී නැමීබියාවේදී පැවැති කනිෂ්ඨ පොදුරාජ්‍ය මණ්ඩලයීය ශූරතාවලිය නියෝජනය කිරීමට වරම් දිනාගන්නා විට ඇයට අවුරුදු 13ක් පමණ විය.

ඉන් අනතුරුව 2017 හා 2018 වසරවලදී ආසියානු කනිෂ්ඨ ජිම්නාස්ටික් ශූරතාවලියන් නියෝජනය කිරීමට සමත්වූවාය.

එසේම 2018 වසරේදී බුවනෝස් අයිරිස්හිදී පැවති යොවුන් ඔලිම්පික් ශූරතාවලිය නියෝජනය කළ ඇය මේ දක්‍ෂතා හේතුවෙන්ම 2019 වසරේදී ලොව ශ්‍රේණිගත කිරීම් හි ඉහළ ස්ථානයකට පැමිණීමට සමත්වී තිබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *