රජයේ අවභාවිතා, වැරදි ප්‍රතිපත්ති හේතුවෙන් වාර්ෂිකව ඉතා විශාල මුදලක් රටට අහිමිවනවා – තිස්ස විතාරණ

රජයේ අවභාවිතා, වැරදි ප්‍රතිපත්ති හේතුවෙන් වාර්ෂිකව ඉතා විශාල මුදලක් රටට අහිමිවනවා – තිස්ස විතාරණ

රජයේ අවභාවිතා, වැරදි ප්‍රතිපත්ති හේතුවෙන් වාර්ෂිකව ඉතා විශාල මුදලක් රටට අහිමිවනවා – තිස්ස විතාරණ

රජයේ ආයතනවල අවභාවිතා හේතුවෙන් රජයට මෙන්ම රටට වාර්ෂිකව ඉතා විශාල මුදලක් අහිමිව යන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ පවසයි.

මෙයට අමතරව රටේ පවතින වැරදි ප්‍රතිපත්ති හේතුවෙන් අහිමි වන මුදල් ප්‍රමාණයද විශාල බව පැවසූ මහාචාර්ය තිස්ස විතාරණ අලි මිනිස් ගැටුම ඊට හොඳම උදාහරණයක් බවද පවසයි.

එමෙන්ම මෙරට විගණන කටයුතු ඉතා හොඳින් පවත්වාගෙන යන බලවත් ආයතන රැසක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වසර හයකින් බදු ගෙවා නොමැති හෙයින් රජයට විශාල බදු මුදලක්ද අහිමිවී ඇතැයි ඔහු පවසයි.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව ඉතා සවිස්තරාත්මක එකක් බවත් මෙලෙස රජයට අහිමිවන බදු මුදල් අයකර ගැනීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් එම වාර්තාවෙන් නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ගෙවිය යුතු බදු මුදල් සම්බන්ධව තෙවරක් අභියාචනා කිරීමට අවස්ථාව සැලසී තිබීම අවස්ථාවක් කරගෙන බදු ගෙවීම මෙසේ පැහැර හරින බව පෙනී ගොස් ඇතැයි එකම ආයතනයකට තුන්වරක් අභියාචනා ඉදිරිපත් කිරීමට ඉඩදීම නොවිය යුත්තක් බැවින් අභියාචනා සඳහා ලබා දෙන අවස්ථා එකකට අඩු කිරීමට නිර්දේශ කර තිබෙන බවද ඔහු සඳහන් කරයි.

මෙම තත්වය සැලකිල්ලට ගෙන ප්‍රතිපත්ති සංශෝධනය සඳහාද ඉතා සවිස්තරාත්මකව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බවද ඔහු ප්‍රකාශ කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *