කවුරු කුමක් පැවසුවත් කොරෝනා තුන්වැනි රැල්ල තවම අවසන් නැහැ – විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා

කවුරු කුමක් පැවසුවත් කොරෝනා තුන්වැනි රැල්ල තවම අවසන් නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය සඳහන් කරනවා.
සියල්ලම තුන්වෙනි රැල්ල අවසන් යැයි සිතාගෙන සිටියද ඒ සිතුවිල්ල වැරදි යැයි ඇය පවසනවා. එක් රැල්ලක් උඩට තවත් රැල්ලක් මතුවිය හැකි යැයි පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරිය ඩෙල්ටා කොරෝනා වෛරසය විවිධ තැන්වලින් හමුවෙන හෙයින් එය වැඩි දෙනෙකුට පැතිරී යෑමේ හැකියාවක් තිබෙන බවද කියනවා.
පවතින තුන්වන රැල්ල මෙතනින්ම නවත්වා ගැනීම කාගේත් වගකීමක් බවයි විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පවසන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *