Type to search

රසායනික පොහොර ආනයනට අවසර ලබා දීම: වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යයයි – ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

රසායනික පොහොර ගෙන්වීම සඳහා රජය විසින් අවසර ලබා දී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, එවැනි කිසිදු අවසරයක් රජය විසින් ලබා දී නොමැති බවත්, ඉදිරියේ දී හෝ එවන් අවසරයක් ලබා නොදෙන බවත් ය.

හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැගීමේ අරමුණ ඇතිව රසායනික පොහොර සහ පළිබෝධ නාශක ආනයනය තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් වෙනස්කර ඇති බවට ඇතැම් වෙබ් අඩවිවල සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබුණි.

මේ අතර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, නව මුදල් අමාත්‍යවරයා පත්වීමෙන් පසු රජය වත්මන් සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැන මැති ඇමතිවරුන් හමු වී සාකච්ඡා කළ බවය.

එහිදි විවිධ අදහස් තර්ක සහ ප්‍රතිතර්ක රැසක් ඉදිරිපත් වු බව ද එම නිවේදනයේ දැක්වේ.

ඒ සියල්ල සමබරව සමාලෝචනය කර වඩාත්ම නිවැරදි ක්‍රියාමාර්ගය සැලසුම් කිරීමට ඇවැසි අනුකමිටු 5ක් පත් කළ බවත් හරිත ආර්ථික පිළිවෙත වෙනස් කිරීමට එම සාකච්ඡාවල දී කිසිදු යෝජනාවක් නොවුන බවය.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *