“එක්ස්ප්‍රස් පර්ල්”නෞකාවේ ගින්න සම්බන්ධයෙන් වන්දි ලබාගැනීමේ සාකච්ඡාවට විපක්ෂ නායකත් එක් වේ

0
‘එක්ස්ප්‍රස් පර්ල්‘ සිදුවීමට අදාළ සියලු පරීක්ෂණ වාර්තා අධිකරණයට කැඳවයි

‘එක්ස්ප්‍රස් පර්ල්‘ සිදුවීමට අදාළ සියලු පරීක්ෂණ වාර්තා අධිකරණයට කැඳවයි

එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ ඇති වූ ගින්නෙන් සිදු වූ හානිය සම්බන්ධයෙන් වන්දි ලබාගැනීමට අදාළ සාකච්ඡාවක් පැවැත්වුණා.(12) පෙරවරුවේ එම සාකච්ඡාව ආරම්භ කෙ‍රුණේ, අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඊට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්වුණා.

මේ අතර නෞකාව ගිනි ගැනීමට ලක්වීම හේතුවෙන් රැකියාව අහිමි වූ ධීවරයින් සඳහා වන්දි ගෙවීම (12) සිට ආරම්භ කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

පසුගිය මැයි මස 20 වෙනි දා “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වුණා. ඒ හේතුවෙන් කැස්බෑවන් සහා මත්ස්‍යයන් ඇතුළු සාගර ජීවින් රැසකට ජීවිත අහිමි වූ අතර, වෙරළ පරිසරයට ද හානි සිදුවුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com