“සමහර වෙලාවට පියෙක්ට වගේ සමහර අමිහිරි දේවල් කරන්න වෙයි” – බැසිල් ඇමති වැඩ භාරගනිමින් කියපු කතා!

(VIDEO)"මම වැඩ කරන්නේ ඇමතිවරයා හැටියට නොව ඔබගේ සහායකයෙක් හැටියට; අපේ අමාත්‍යාංශයෙත් අපේ රජයෙත් ඒ වගේම මගෙත් ප්‍රමුඛතාවය වෙන්නේ පොදු ජනතාවගේ අවශ්‍යතාවයන්" - බැසිල් ඇමති වැඩ භාරගනිමින්

(VIDEO)"මම වැඩ කරන්නේ ඇමතිවරයා හැටියට නොව ඔබගේ සහායකයෙක් හැටියට; අපේ අමාත්‍යාංශයෙත් අපේ රජයෙත් ඒ වගේම මගෙත් ප්‍රමුඛතාවය වෙන්නේ පොදු ජනතාවගේ අවශ්‍යතාවයන්" - බැසිල් ඇමති වැඩ භාරගනිමින්

තමන් කටයුතු කරන්නේ ඇමතිවරයා හැටියට නොව ඔබගේ සහයකයා ලෙස බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය අමාත්‍ය ධූරයේ වැඩ භාරගනිමින් පැවසුවේය. තමන්ගේ ප්‍රමුඛතාවය වන්නේ පොදු ජනතාවගේ අවශ්‍යතාවයන් බවත් ඔවුන්ගේ ප්‍රමුඛතාවය අපගේ ප්‍රමුඛතාවය බවත් මෙහිදී රාජපක්ෂ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මෙය අපහසු කාර්යයක් වන අතර ඇතැම් විට පියෙක්ට මෙන් අමිහිරි දේවල් කිරීමට සිදු විය හැකි බවත් ඒවා අවංකව ජනතාව වෙනුවෙන් කරන දේවල් යැයි සිතන බවත් හෙතෙම කියාසිටින ලදී.

”මෙතැනදී මම වැඩ කරන්නේ ඇමතිවරයා හැටියට නොව ඔබගේ සහායකයෙක් හැටියට. විශේෂයෙන් ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ නායකත්වය මඟපෙන්වීම අපට අත්‍යවශ්‍යයි. ඒ වගේම සියලුම මහජන නියෝජිතයින් සියලු දෙනාගේ සහය අවශ්‍යයි. මේක ලොකු අමාරු කාර්යයක්. අපි අභියෝගය භාරගනිමු. අපි සියලු දෙනාම එකට වැඩකරමු කියන ඉල්ලීම කරමින්, අපේ අමාත්‍යාංශයෙත් අපේ රජයෙත් ඒ වගේම මගෙත් ප්‍රමුඛතාවය වෙන්නේ පොදු ජනතාවගේ අවශ්‍යතාවයන්. ඔවුන්ගේ ප්‍රමුඛතාවය අපේ ප්‍රමුඛතාවයයි. ඒ ප්‍රමුඛතාවයන් සියල්ල අපි දන්නවා. අපිට අවබෝධයක් තියෙනවා මොකද්ද ප්‍රශ්නේ කියලා. ඒක ජනාධිපතිතුමාට, අගමැතිතුමාට මේ රජයේ සියලු දෙනාට තියෙනවා. නමුත් සමහර වෙලාවට පියෙක්ට වගේ සමහර අමිහිරි දේවල් කරන්න වෙයි. ඒ වුණත් අපි ඒවා අවංකව ජනතාව වෙනුවෙන් කරන දේවල් කියලා අපි හිතනවා. ඒකට සහයෝගය දෙන්න.“ යනුවෙන් නව මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *