“විදේශ රටවලින් ආනයනය කෙරෙන කිරිපිටි වර්ග භාවිතය සම්බන්ධයෙන් ගැටළු පවතිනවා” – ඩී බී හේරත්

"විදේශ රටවලින් ආනයනය කෙරෙන කිරිපිටි වර්ග භාවිතය සම්බන්ධයෙන් ගැටළු පවතිනවා" - ඩී බී හේරත්

"විදේශ රටවලින් ආනයනය කෙරෙන කිරිපිටි වර්ග භාවිතය සම්බන්ධයෙන් ගැටළු පවතිනවා" - ඩී බී හේරත්

විදේශ රටවලින් ආනයනය කෙරෙන කිරිපිටි වර්ග භාවිතය සම්බන්ධයෙන් ගැටළු පවතින බව පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන, කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතා පාර්ලිමේන්තුවේදී (07) පැවැසීය. ඔහු මෙසේ පැවසුවේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙරට කිරි ආශ්‍රිත නිෂ්පාදනවල අවශ්‍යතාවයෙන් සියයට හැටක් ආනයනය කිරීමට සිදුවීම ප්‍රබල ගැටළුවක් බව පැවසූ රාජ්‍ය ඇමතිවරයා රටේ දියර කිරි නිෂ්පාදනය ප්‍රචලිත කිරීම සඳහා රජය වැඩපිළිවෙළක් අරඹා ඇතැයිද සඳහන් කළේය.

ආනයනය කෙරෙන කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බව මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *