ජනපතිගේ සහ අගමැතිගේ අසාර්ථකත්වය සෘජුව පෙන්වා දිය නොහැකි අය බැසිල්ව ප්‍රශංසා කරමින් සිටී – මුජිබර්

නීතිපති දෙපාර්තමේන්තුවම අද නීතියට ගරු කරන්නේ නෑ; ද්විත්ව පුරවැසියන් හඳුනා ගන්න කාරක සභාවක් පත්කරන්න - මුජිබර්

නීතිපති දෙපාර්තමේන්තුවම අද නීතියට ගරු කරන්නේ නෑ; ද්විත්ව පුරවැසියන් හඳුනා ගන්න කාරක සභාවක් පත්කරන්න - මුජිබර්

නූගත් දේශපාලනඥයින්, බැසිල් රාජපක්ෂගෙන් කුමක් හෝ වරප්‍රසාදයක් බලාපොරොත්තුවෙන් ඔහුගේ පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව පුරසාරම් දොඩමින් සිටී. ජනපති සහ අගමැති අසාර්ථකත්වයට පත් වී ඇතැයි සෘජුව ප්‍රකාශ කළ නොහැකි අය බැසිල් රාජපක්ෂව ප්‍රශංසා කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් මහතා ප්‍රකාශ කර ඇත.

ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ, බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණිය යුතුද? නැද්ද? යන්න තීරණය කිරීම ඔවුන්ගේ පක්ෂයේ වගකීමකි. එය අපේ වගකීමක් නොවේ. කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය නොකළත් ඔහු වර්තමාන රජයේ තුන්වන ප්‍රධානියා ලෙස කටයුතු කරයි. ජනපති සහ අගමැතිගෙන් පසු තෙවනුව සිටින්නේ බැසිල් රාජපක්ෂය.

ඔහු පාර්ලිමේන්තුව නියෝජනය නොකළත් අරලියගහ මන්දිරයේ , ජනාධිපති ලේකම් කාර්යාලයේ , අමාත්‍යවරුන් සහ රාජ්‍ය ප්‍රධානීන් සමඟ සියළු සාකච්ඡාවලට සහභාගී වේ. ඔහු ජනපති විශේෂ කාර්ය සාධක බලකා 3ක සභාපති ලෙසද පෙනී සිටී. පසුගිය අවුරුදු 1 1/2ක කාලය තුළදී රජය විසින් ගනු ලැබූ සියළු තීන්දුවල ඔහු ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස කටයුතු කර ඇත.

එහෙයින් ඔහු කොහේදෝ සැඟව සිට හදිසියේ පැමිණි කෙනෙකු නොවේ. ජනපති විශේෂ කාර්ය සාධක බලකා 3ක සභාපති ලෙස සිට අදද ඔහුගේ තනතුරු මෙහෙයවමින් සිටී. එහෙයින් ඔහුගේ පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් පුදුම වීමට දෙයක් නැත. දේශපාලනය නොදන්නා බැසිල් රාජපක්ෂගෙන් කුමක් හෝ බලාපොරොත්තු වන ඇතැම් අය මේ පිළිබඳව පුරසාරම් දොඩමින් සිටී.

හොඳ දේශපාලන විඥානයක් ඇති අය මෙය හොඳ හැටි දනී. මෙම රජය කිසිඳු තීන්දුවක් ඔහුට නොදැන ගනු ලබන්නේ ද නැත. ගෝඨා, මහින්ද, බැසිල් යන අය රජයේ ප්‍රතිමූර්තිය වේ. එහෙයින් ඔහු පාර්ලිමේන්තුවට පැමිණීමෙන් අළුතෙන් යමක් සිදු වේ යැයි මම බලාපොරොත්තු නොවෙමි යැයි මුජිබුර් රහ්මාන් මහතා වැඩි දුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *