“GMOA ළමයි ඉස්කෝලේ දාගන්නත් වැඩ වර්ජන කරපු කාලයක් තිබුණා, මිනිස්සුන්ට ඒවා අමතක නෑ” – මුරුත්තෙට්ටුවේ හිමි

ගෝඨාභයට මේ තත්ත්වයට පත්වුණේ උද්ධච්චකමත්, නම්‍යශීලී නොවීමත් සහ වැරදි අයගෙන් උපදෙස් ලබා ගැනීමත් නිසා -මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
හෙද ගැටළු සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් විසඳුම්වලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දක්වන දැඩි විරෝධය එතරම් සැලකිල්ලට ගතයුතු එකක් නොවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.
“රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉස්කෝලෙකට ළමයෙක් දාගන්න බැරි වුණත් වර්ජනය කරපු කාලයක් තිබුණා. ඉතිං ඒවා අපට, මහජනතාවට අමතක නෑ. මේ සියල්ල මට ලැබේවා කියන සංකල්පය අඩුවෙලා සියල්ල අපට ලැබේවා කියන සංකල්පයෙන් කටයුතු කරනවා නම් මේ අරගල ඇතිවෙන්නෙ නෑ. අද ඉතිං මේවා ගැන අපි එච්චර ගණං ගන්න ඕනෙ නෑ, ගණං ගන්නෙත් නෑ අපි නම්” යනුවෙනුයි එහිමි සඳහන් කළේ.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ හෙද ගැටළු සඳහා පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු මැදිහත්වීමෙන් ලබාදුන් විසඳුම් පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය දැඩි විරෝධතාව ප්‍රකාශ කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට (06) පිළිතුරු ලබාදෙමිනි.