විදෙස් සිට පැමිණෙන්නන්ට ජූලි මස 01 වැනිදා සිට 31 වැනිදා දක්වා නව‍ නිරෝධායන රෙගුලාසි – සෞඛ්‍ය අමාත්‍යාංශය

විදේශවල සිට පැමිණෙන්නන්ට නව‍ නිරෝධායන රෙගුලාසි ජූලි මස 01 වැනිදා සිට 31 වැනිදා දක්වා බලපැවැත්වේ - සෞඛ්‍ය අමාත්‍යාංශය

විදේශවල සිට පැමිණෙන්නන්ට නව‍ නිරෝධායන රෙගුලාසි ජූලි මස 01 වැනිදා සිට 31 වැනිදා දක්වා බලපැවැත්වේ - සෞඛ්‍ය අමාත්‍යාංශය

විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ට අදාළ නිරෝධායන රෙගුලාසි යළිත් සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනෙ තිබේ.

නව‍ රෙගුලාසි ජූලි මස පළමුවැනිදා සිට 31 වැනිදා දක්වා බලපැවැත්වෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව එන්නත්කරණය අවසන් නොකර මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට සහ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන් මෙරටට පැමිණෙන දිනයේදී PCR පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කෙරේ. ඒ සඳහා ඔවුන් නිරෝධායන හෝටලයකට හෝ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකරන අතර දින 11කට පසුව නැවත සිදු කරන PCR පරීක්ෂණයේදී ආසාදිතයකු නොවන බව තහවුරු වේ නම් සති දෙකක නිරෝධායන කාලසීමාව අවසන් කිරීමෙන් පසුව සාමාන්‍ය සමාජය වෙත යොමු කෙරේ.

එමෙන්ම එන්නත්කරණය අවසන් කර මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට සහ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන්ට PCR පරීක්ෂණයෙන් අනතුරුව සති දෙකක් නිවෙස් නිරොධායනය ප්‍රමාණවත් වේ. දින 14 කට පසු සිදු කරන දෙවැනි PCR පරීක්ෂණයේදී ඔවුන් ආසාදිතයන් නොවන බව තහවුරු වන්නේ නම් නිරෝධායනයෙන් මුදාහැරෙනු ඇත.

මීට අමතරව අනුමත රාජ්‍යතාන්ත්‍රික සාමාජිකයන් හෝ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් මෙරටට පැමිණීමේදීද දින 14ක නිරෝධායනය අනිවාර්ය වන අතර සෞඛ්‍ය බළධාරීන් විසින් අනුමත කරන නිවස්නයක හෝ හෝටලයක රැඳී සිටිය හැකිය. දින 14 අවසානයේදී සිදුකරන PCR පරීක්ෂණයෙන් ආසාදිතයකු නොවන බව තහවුරු වුවහොත් නිරෝධායනයෙන් මුදාහැරීමට කටයුතු කෙරේ.

මෙරටට පැමිණෙන ඕනෑම පුද්ගලයකු දින 14ක නිරෝධායන කාල සීමාව සම්පූර්ණ කිරීම අනිවාර්ය වන අතර ගුවන් තොටුපලින් පිටවීමට පෙර සහ නිරෝධායන කාල සීමාව අවසන්වීමට පෙර PCR පරීක්ෂණ දෙකක් සිදු කෙරේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *