රසායනික පොහොර නිසා බෝ නොවන රෝග රැසක්,පරිසර හානිය අති විශාලයි: කාබනික පොහොර භාවිතයට තැබූ පියවර ඉදිරියටම – ජනපති

රසායනික පොහොර ආනයනය සඳහා රජයේ වාර්ෂික වියදම ඩොලර් මිලියන 400ක්; කාබනික පොහොර භාවිතයට තැබූ පියවර ඉදිරියටම - ජනපති

රසායනික පොහොර ආනයනය සඳහා රජයේ වාර්ෂික වියදම ඩොලර් මිලියන 400ක්; කාබනික පොහොර භාවිතයට තැබූ පියවර ඉදිරියටම - ජනපති

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කිරීම සඳහා ගත් පියවර කිසිවිටෙකත් පසුපසට ගන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහා නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය හමුවේ (27) සඳහන් කළේය.

එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී ගොවීන් අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙම තීරණය නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් ගත් එකක් බවත්, රසායනික පොහොර භාවිතය නිසා දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රැසකින් පීඩා විඳින අතර එමගින් පරිසරයට සිදුවන හානිය අති විශාල බවත් ජනාධිපතිවරයා කීවේය.

රසායනික පොහොර ආනයනය සඳහා රජය වාර්ෂිකව ඩොලර් මිලියන 400කට අධික මුදලක් රජය වැය කරන අතර කාබනික පොහොර භාවිතය මගින් විදේශීය ආයතන වෙත ඇඳී යන එම මුදල රටේ ගොවි ජනතාව වෙත ලබාදීමට හැකිවන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා (27) පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදුටු අවස්ථාවේ මේ බව කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *