සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වැනි දක්ෂතා ඇති කෙනෙකුට කොරෝනා පාලනය කිරීමේ කටයුතුවල නායකත්වය භාර දිය යුතුයි – සුමන්තිරන්

කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමේ කටයුතුවලදී රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණියට රජය ප්‍රමුඛත්වයක් ලබා නොදුන්නේ ඇයි දැයි ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා ප්‍රශ්න කළේය.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වැනි දක්ෂතාවයන් ඇති කෙනෙකුට කොරෝනා වෛරසය පාලනය කිරීමේ ප්‍රයත්නයට නායකත්වය දිය යුතු බව සුමන්තිරන් මහතා පැවසීය.
ඇය වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥවරියක් වන අතරම කොවිඩ් වෛරස කටයුතු සම්බන්ධ අමාත්‍යවරිය වුවත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය පැවසූ කිසිවක් රජය විසින් ක්‍රියාත්මක නොකළ බව සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය. ඇය එක්තරා අවස්ථාවක දී අනතුරු ඇඟවූ මොහොතක පාර්ලිමේන්තුවේ සභා නායක ඇය මානසික ආතතියෙන් පෙළෙන බවත්, ඇයව මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතු බවත් පැවසීය.
කොරෝනා වෛරසය පාලනය කිරීමට හැකි අය රජයේ සිටී. එහෙත් රජය විදේශ හමුදාවක් සමග සටන් කරන්නාක් මෙන් කටයුතු කරන බවද ඔහු පැවසීය.
යුධ හමුදාපතිවරයා දන්නේ කුමක්ද? ඔහු නීතිය ගැන කුමක් දන්නේ ද? යනුවෙන් සුමන්තිරන් මහතා ප්‍රශ්න කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *