ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුළුවීමේ උත්සාහයක



ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට එරට බුද්ධි අංශ සිදු කළ අනාවරණය පිළිබඳව එළඹෙන සතියේ ආරක්ෂක මණ්ඩලයේදී සාකච්ඡා කෙරෙනු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජූනි 18වන දින පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
“ඉන්දියාවට ඒ සන්නද්ධ බෝට්ටුවක් ගොඩ බැස්සාය කියන එක තීරණය කරන්නේ, මං හිතන්නේ අපි එන සතියේ ආරක්ෂක මණ්ඩලයේදී ඒක සාකච්ඡා කරයි. ඒක සාකච්ඡා කරන්නේ නැතුව මට ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර කියන්න හැකියාවක් නැහැ.”
ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට එරට බුද්ධි අංශවලට අනාවරණයවීමත් සමග තමිල් නාඩු ප්‍රාන්තයේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කළ බවට පසු ගිය දා ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත ඉකුත් සෙනසුරා (ජූනි 12) දිනයේ සවස එරට මධ්‍යම බුද්ධි අංශය අනතුරු ඇඟවීමක් සිදු කර තිබුණු අතර පොලිසිය ඒ අනුව කන්යාකුමාරි, තූත්කුඩි, රාමේෂ්වරම් යන ප්‍රදේශවල මෙන් ම චෙන්නායි යන නගරයේ ද ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබුණි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එරට බුද්ධි අංශ ආරංචි මාර්ගවලට අනුව, ආයුධ සන්නද්ධ පිරිසක් රැගත් බෝට්ටුවක් රාමේෂ්වරම් වෙරළ දෙසට ගමන් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවය.

-mawbima

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *