බැසිල් එනතුරු ජනතාව අපේක්ෂාවෙන් බලා ඉන්නවාලු

බැසිල්රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණ නිර්මාණය කළා පමණක් නොව රටේ දැවැන්ත සංවර්ධන කටයුතු වල පිටුපස සිටි දැවන්ත චරිතයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

එහෙයින් ඉන්ධන මිළ වැඩි වීම සම්බන්ධව බැසිල්රාජපක්ෂ මහතා රට තුළ සිටියා නම් ඒ සම්බන්දව දෙවරක් සිතා බැලීමට අවස්ථාව දෙනු ඇතැයි ජනතාව තුළ විශ්වාසයක් ඇති බවද ඔහුපැවැසීය. 18වන දින උඩුනුවර ආසනයේකෝවිඩ් කමිටුරැස්වීම සදහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහුමේ බව පැවැසීය.

බැසිල්රාජපක්ෂ මහතා මෙරටට පැමිණෙන තුරු ජනතාව බොහෝ අපේක්ෂාවෙන්සිටින බවත් ඉන්ධන මිල අඩුකිරීමත් එම අපේක්ෂාවලින් එකක් බවද මහාචාර්‍යවරයා පැවැසිය. “මේ අවස්ථාවේ තෙල්මිල වැඩි කිරිම සුදුසුයිකියා විස්වාස කරන්නේනෑ. අපේ පක්ෂයේ මහලේකම් විසින් ප්‍රකාශ තිබෙනවා.
පක්ෂයක් ලෙස තෙල්මිල වැඩි කිරීම සම්බන්ධව අපේ කනස්සල්ල ඉදිරිපත් කරනවා.

විපක්ෂය මිට ඉහතදි දෝෂාභියෝග කිහිපයක්ම ගෙන ආවා. ඒ අය උත්සහ ගන්නේශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කරන මිත්‍ර පක්ෂ හා නායකයින් අතර ගැටුමක් ඇතිකිරිමටයි. නමුත් අප පක්ෂයක් ලෙස ගන්නා තීන්දු තිරණ සමග ඉන්නවා. දෝෂාභියෝගය සම්බන්ධව පක්ෂය අපිව දැනුවත් කළ පසුකුමන තීන්දුවක් ගන්නවාද නැද්ද යන්න ඉන් පසුතිරණය කරනවා”

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *