පාස්කු ප්‍රහාරයේ විමර්ශන අවසන්; සැකකරුවන්ට එරෙහිව ඉදිරියේදී නිතිපතිවිසින් අධි චෝදනා – අජිත් රෝහණ

පාස්කු විමර්ශන ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

පාස්කු විමර්ශන ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

පාස්කු ප්‍රහාරයට අදාළවිමර්ශන අවසන් කර ඇති බවත් සැකකරුවන්ට එරෙහිව ඉදිරියේදී නිතිපතිවිසින් අධි චෝදනා පැවැරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් පැවැත්වූ බවත් 2019 වසරේ අප්‍රේල් සිටි අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 724ක් බවද ඔහු පැවැසීය.

ඔවුන්ගෙන් 224ක් තවමත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් රැඳවුම් නියේග යටතේ ඇති සංඛ්‍යාව 83ක් බවත් ඔහු පැවැසීය.

සැකකරුවන්ට අයත් මුදල් රුපියල් මිලියන 28.5, ඇමෙරිකානු ඩොලර් 685830, රුපියල් මිියන 14ක නිල් මැණික් ගල් තුනක්, මිලියන 24ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් පොලිස් භාරයට ගෙන ඇති බවත් මෙහි සමස්ත වටිනාකම රුපියල් මිලියන 205ක් පමණ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මීට අමරතව විවිධ නිශ්චල දේපල තහනම් කර ඇති බවත් ඒ අතර වනාතවිල්ලුව අක්කර 18ක ලැක්ටොස් වත්ත, වැලිකන්ද අසේලපුර අක්කර 25ක ඉඩමක්, කාන්තන්කුඩි අක්කර 25ක ඉඩමක්, දෙමටගොඩ පර්චස් 8.5ක ඉඩමක්, බැංකු ගිණුම් 100ක තිබූ රුපියල් මිලියන 134ක මුදල් තහනම් කර ඇති බවත් ඔහු පැවැසීය.

මීට අමතරව වෑන් රථ 7ක්, බොලෙරෝ කැබ් රථයක්, යතුරු පැදි 7ක්, ත්‍රි රෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව ඔහු පැවැසීය.

ප්‍රහාරයට අදාළව ලබාගෙන ඇති ප්‍රකාශ සංඛ්‍යාව 9800ක් බවත් දුරකතන අංක 21000ක් විශේලේශණය කර ඇති බවත් ඔහු පැවැසිය.

පාස්කු ප්‍රහාරය පිළිබඳව මෙන්ම ඊට පෙර ක්‍රියා පිළිබඳවත් පරීක්ෂණ පවත්වා තිබෙන බවත් අන්තවාදී පැවැත්වීම පිළිබඳවද පරීක්ෂණ කර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *