වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව තවත් භූ කම්පනයක්

වික්ටෝරියා ජලාශයේ වේල්ලට පහළින් පිහිටා ඇති කුමාරිගම ප්‍රදේශය ආශ්‍රිතව (16) පස්වරුවේ සුළු භූ කම්පන තත්වයක් වාර්තා වී තිබේ.

මෙය රික්ටර් මාපකයේ ඒකක 1.94ක ප්‍රබලත්වයකින් සටහන් වූ බව සඳහන්.
“වික්ටෝරියා වේල්ලට මදක් පහලින් කුමාරිගම කියන ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. මෙවැනි තත්ත්වයන් ඇතිවීම තුළ ජනතාව බිය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඩොලමයිට් නිධියක් මත මතයි මේ ප්‍රදේශය පිහිටලා තියෙන්නේ. අපි කරපු සමීක්ෂණ අනුව ඩොලමයිට් කුහර ආශ්‍රිතව තියෙන වායු කුහරයන්ට ජලය එක්රැස්වීම තුළ ඇතිවෙත තත්ත්වයක් තමයි තියෙන්නේ. කෙසේවෙතත් වැඩිදුරටත් ඒ ගැන පරීක්ෂණ කරනවා” යනුවෙනුයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා ප්‍රකාශ කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *