ආණ්ඩුවේ කොවිඩ් ආසාදිතයින් අඩු කිරීමේ අලුත් ක්‍රමය

ආණ්ඩුවේ කොවිඩ් ආසාදිතයින් අඩු කිරීමේ අලුත් ක්‍රමය

ආණ්ඩුවේ කොවිඩ් ආසාදිතයින් අඩු කිරීමේ අලුත් ක්‍රමය

මෙරට කොවිඩ් ව්‍යාප්තියේ උච්ඡතම අවස්ථාවට පත්ව ඇති බව වෛද්‍ය සංගම් ප්‍රධානීන් මෙන්ම සෞඛ්‍ය අංශද අනතුරු අඟවා ඇති තත්වය තුළදී ආණ්ඩුව විසින් දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය සංඛ්‍යාත්මකව අඩු කිරීමේ ක්‍රමවේදයක් සොයාගෙන තිබේ.

එම ක්‍රමවේදය වන්නේ දෛනික සිදු කරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කිරීම මගිනි. මේ බව හෙළිවන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මඟින් දෛනිකව පස්වරු 2.00 ට නිකුත් කරනු ලබන වාර්තාවන් අධ්‍යයනය කිරීම මඟිනි.

එම වාර්තාවට අනුව පසුගිය ජුනි 13 වැනි දින සිදුකරනු ලැබූ සමස්ත පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 18,855කි. ජුනි 14 සිදුකළ පී.සී.ආර්. ප්‍රමාණය 16,873කි. (15) දිනයේ සිදු කළ පී.සී.ආර්. ප්‍රමාණය 15,214කි. ඒ අනුව ක්‍රමාණුකූලව දෛනිකව සිදුකරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය අඩු කිරීම හරහා වාර්තාවන ආසාදිතයින් ප්‍රමාණය අඩුකර තිබේ. ඒ අනුව මාසයක කාලයක් තුළ දෛනිකව සිදු කරනු ලැබූ අඩුම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය සිදු කරන තිබෙන්නේ (15) දිනයේදීය.

-Lankatruth

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *