හමුදා සිරකරුවන් 15 කගේ මිලට සමාන සිතියමක්

ආර්මේනියානු ජාතික යුද කණ්ඩායමක් විසින් අටවන ලද බිම් බෝම්බ පිළිබඳ සම්පූර්ණ සිතියමක් ලබා ගැනීමට අසර්බයිජානය තමන් ළඟ සිටින ආර්මීනීයානු හමුදා සිරකරුවන් පහලොස් දෙනෙක් නිදහස් කිරීමට එකඟ වී ඇත.

සෝවියට් සමූහාණ්ඩුවේ කොටස්කරුවන් සිටී අසර්බයිජානය සහ ආර්මේනියාව 90 දශකයේ සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසු නිදහස් රාජයන් ලෙසට පත් විය. ඉන්පසු ආර්මේනියානු රජයේ සහය ලැබී ආර්මේනියානු ජාතික කණ්ඩායමක් විසින් අසර්බයිජානයේ කොටසක් අල්වාගෙන වෙනම පාලනයක් යටතේ එය පවත්වා ගෙන ගියේය. ආර්මේනියානු රජය මීට සෘජු ලෙසම දායක වුණි. මෙම සීමා ඔස්සේ නිතරම කුඩා සටන් ඇවිලෙමින් තිබුනත්, රුසියාවේ සහය ලබන ආර්මේනියානු ශක්තිය ඉදිරිපිට අසර්බයිජානය ට කළ හැකි කිසිවක් නො තිබුණි. අසර්බයිජානය ට සහාය පළ කරන තුර්කියේ නව ආයුධ නිපැයුම් සමග මෙම බල සමතුලිතය වෙනස් විය. 2020 සැප්තැම්බර් 27 වන දින පටන්ගත් යුද්ධයේ දී සති හයක් වැනි කෙටි කාලයක් තුළ ආර්මේනියානු හමුදාව යටත් වීමට සිදු විණි. අසර්බයිජානය යුද්ධයෙන් දිනා ගත් ප්‍රදේශ වලට අමතරව ඊට වඩා විශාල කොටසක් නැවත ලබා දීමට සිදු වුණි. ආර්මේනියානු ජාතිකයන් පාලනය කළ අසර්බයිජානු භූමි ප්‍රදේශයේ තුනෙන් දෙකකට වඩා විශාල කොටසක් නැවතත් අසර්බයිජානය ට හිමිවිය.

යුද්ධය අවසන් වූ පසු ආර්මේනියානු රජය දැඩි යන අප්‍රසාදයට පත් වී ඇති අතර ආර්මේනියානු යුද සිරකරුවන් පිළිබඳ ප්‍රශ්නයක් ඔවුන්ට ලොකු හිසරදයක් ව ඇත. අනික් අතට අසර්බයිජානය බිම්බෝම්බ ඉවත්කිරීමේ ප්‍රශ්නයට මුහුණ දෙමින් සිටී. පසුගිය ජුනි 4 වන දින සිදු වූ බිම් බෝම්බ පිපිරීමකින් මාධ්‍යවේදීන් තිදෙනා සහ සිවිල් නිලධාරියෙක් මරණයට පත්වුණි. මෙම ගනුදෙනුව හරහා පාර්ශව දෙකටම තමන්ට අවශ්‍ය දේවල් ලබා ගැනීමට හැකිවනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *