බදු නීතියේ හිල් වලින් රිංගන තෝරු මෝරු

ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන ProPublica යන පුණ්‍යායතනය අතිශය රහසිගත යැයි සැලකෙන වර්ගයේ බදු ලිපිගොනු සම්භාරයක් ලබාගෙන එයින් විවිධ වාර්තා සකසා මාධ්‍යයට දීමට පටන්ගෙන ඇත. පළමු වාර්තාව පිට වී ඇති අතර තවත් වාර්තා නිකුත් කරන බව ඔවුන් ප්‍රකාශ කරයි. මේ වාර්තාවලින් ලෝකයේ දුක්බරම කී දෙ නියම තත්ත්වයන් පැහැදිලිව පෙනෙන්නට පටන්ගෙන ඇත. මෙම වාර්තා වලට අනුව ලොව ඉහළම ධනවතුන් බදු නොගෙවා මගහරින ක්‍රම සහ විධි සූක්ෂම ලෙස භාවිතා කරමින් තාම අඩු බදු ප්‍රමාණයක් ගෙවීම හෝ සම්පූර්ණයෙන්ම පාහේ බදු නොගෙවා, නොබියව හා සිටීමට වග බලාගෙන ඇත.

ජෙෆ් බෙසෝස් යනු ලෝකයේ අංක එකේ ධනවතායි. 2007 අවුරුද්දේ ඔහු අංක 1 ස්ථානයේ නොසිටියත් ඉතා විශාල ධනස්කන්ධයක් හිමි කරගෙන සිටි පුද්ගලයෙක් ව සිටියේය. 2007 අවුරුද්දේ පමණක් ඔහුගේ ධනය ඩොලර් කෝටි 380 කින් වැඩිවී ඇති අතර ඔහු ඒ සඳහා කිසිම බදු මුදලක් ගෙවා නොමැත. බදු නීතිය අනුව එම අවුරුද්දේ ඔහුගේ ආදායම ඩොලර් කෝටි 4.6 ක් පමණි. නමුත් විවිධ ව්‍යාපාර වලින් පාඩු ලැබීම සහ විවිධ බදු සහන යටතේ ඔහු කිසිම මුදලක් නොගෙවා සිටීමට සමත් වී ඇත. 2006 අවුරුද්දේ සිට 2018 දක්වා වූ කාලය තුළ ඔහුගේ ධනය ඩොලර් කෝටි 127,000 කින් වැඩි වී ඇති අතර එම කාලය තුළ ඔහුට බදු වශයෙන් ගෙවීමට සිදු වී ඇත්තේ ඩොලර් කෝටි 140 පමණි. ප්‍රතිශතයක් ලෙස මෙය 1.1% වැනි ඉතා අඩු ප්‍රමාණයක් ගනී.

ලෝකයේ අංක දෙකේ ධනවතා වන ඊලෝන් මස්ක් 2018 අවුරුද්දේ බදු වශයෙන් සතයක්වත් ගෙවා නොමැති අතර 2014-2018 කාලය තුළ ඔහු ගෙවා ඇති බදු මුදල ද ඉතා අවම ප්‍රතිශතයක් ලෙස පෙනී යයි.

මේ අගයන් එම වාර්තාවන් වල ඇති උදාහරණ කිහිපයක් පමණි. මෙහි බරපතලම දේ වන්නේ ඔවුන් මෙසේ කිරීම නීත්‍යානුකූලයි යන්නය. බොහෝ පුද්ගලයින් නීති විරෝධී ලෙස බදු මුදල් පැහැර හරින අතර අති දැවැන්ත ධන කුවේරයන්ට නීතිය අනුකූලවම බදු මුදල් පැහැර හැරීමට නීතිය විසින් ඉඩ සලසා දී ඇත. මෙය ඇමෙරිකානු එක්සත් ජනපදයට පමණක් අදාළ වන දෙයක් නොව බොහෝ රටවල් මෙවැනි නීති රීති ක්‍රියාත්මක කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *