කොරෝනා කාල සීමාවේ ලංකාවේ ඩිජිටල් සේවා අංශයේ අඛණ්ඩ වර්ධනයක්

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සේවා අංශයේ අඛණ්ඩ වර්ධනයක්; අන්තර්ජාල සම්බන්ධතා වර්ධනය 30.7% ඉහලට

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සේවා අංශයේ අඛණ්ඩ වර්ධනයක්; අන්තර්ජාල සම්බන්ධතා වර්ධනය 30.7% ඉහලට

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඩිජිටල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු පදනම කරගත් රජයේ ව්‍යාපෘති වල අඛණ්ඩ වර්ධනයක් පසුගිය වසරේ පෙන්නුම් කල බව නවතම මහ බැංකු වාර්තාව (2020) පෙන්වාදෙයි.

මේ අනුව අන්තර්ජාල සම්බන්ධතා වර්ධනයද 30.7% කින් ඉහල ගොස් තිබේ.

එම සේවාවන් අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ක්‍රියාත්මක ලංකා රාජ්‍ය ජාලය (Lanka Government Network – LGN) සහ ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud – LGC) ප්‍රධාන තැනක් ගැනයි.

ජනාධිපති ලේකම් විසින් 2020 ජනවාරි මස 13 වන දින නිකුත් කරන ලද PS/GPA/Circular/01/2020 දරණ චක්‍රලේඛය මඟින් මෙම ලංකා රාජ්‍ය ජාලය සහ ලංකා රාජ්‍ය මේඝය ශ්‍රී ලංකා රජයේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතිය ලෙස නම් කර ඇත. ලංකා රාජ්‍ය ජාලය (LGN) මගින් සියලුම රාජ්‍යය ආයතන එකම පරිගණක ජාලයකින් සම්බන්ධ කර, ඒ ඒ ආයතනවල ඇති තොරතුරු ලිපිගොනු ඉ- මේල් සේවා සහ වෙනත් විද්‍යුත් අන්තර්ගතයන් රාජකාරි කටයුතු හා මහජන අවශ්‍යතා සදහා යොදාගැනීම අපේක්ෂා කෙරෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන්යේ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබද අධ්‍යක්ෂ රවින්ද්‍ර පතිරණ මහතා පවසයි. එමගින් රාජ්‍ය ආයතන 3500 ක් අධිවේගී පුළුල් පරාස ජාලයක් Wide Area Network (WAN) තුලින් එකිනෙක සම්බන්ධ කර ජාලගත කිරීමට සැලසුම් කෙරින. එහි පළමු පියවර ලෙස රාජ්‍යය ආයතන 860 ක් මෙම ලංකා රාජ්‍ය ජාලය (LGN) හරහා සම්බන්ධ කිරීම පළමු පියවර යටතේ මේ වන විට අවසන් කර ඇත.

ඊට ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍ය මණ්ඩල කාර්යාලය සහ අමාත්‍යංශ, රාජ්‍ය අමාත්‍යාංශ 49 ක් දෙපාර්තමේන්තු, දෙපාර්තමේන්තු ශාඛා සහ අනුබද්ධ ආයතන 191 ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 331 ක් ව්‍යවස්ථාපිත මණ්ඩල සහ ඒවායේ ශාඛාවන් 47 ක් රජයේ රෝහල් 46 ක් පළාත් සභා සහ පළාත් පාලන ආයතන හා ඒවායේ අනුබද්ධ ආයතන 167 ක් ඇතුලත් වෙයි.

ඊට අමතරව මහජනතාවට පොදු ස්ථාන වලදී අන්තර්ජාලය හා නොමිලේ සම්බන්ධ විය හැකි නිදහස් වයිෆයි (Free Wi-Fi) කළාප 1400 ක් ස්ථාපනය කර ඇත.

රාජ්‍ය සේවකයන්ට ලංකා රාජ්‍ය ජාලය (LGN) හා සම්බන්ධ වෙනත් ඕනෑම රජයේ සේවා ස්ථානයක සිට තම සේවා ස්ථානය හා සම්බන්ධ වී රාජකාරි කර ගැනීමට හැකියාව ලැබෙන අතර මහජනතාවට කාර්යක්‍ෂම සේවාවක් ලබා දීමට මෙමඟින් හැකියාව ලැබේ. එමගින් බාධාවකින් තොරව පහසු ලෙස රාජ්‍ය ආයතන වලට දත්ත හුවමාරු කරගත හැකි විශ්වාසනිය මාර්ගයක් ලෙසත් ලාබදායි ලෙසත් ප්‍රයෝජනයට ගතහැකි වන බව පතිරණ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම ලංකා රාජ්‍ය මේඝය රාජ්‍ය ආයතන 150 කට ඔවුන්ගේ ඩිජිටල් සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සපයා ඇත. එමගින් විවිධ ඩිජිටල් සේවා 175 කට වැඩි ප්‍රමාණයක් හා 500 කට අධික වෙබ් අඩවි සංඛ්‍යාවක් මහජන සේවා සදහා යොදවා ඇති බව ද ඔහු පෙන්වාදෙයි.

තාක්ෂණය පදනම් කරගත් සමාජයක් ස්ථාපනය කිරීම පිළිබද වූ ජාතික ප්‍රතිපත්ති හා උපාය මාර්ගයට අනුකූලව ඩිජිටල් රජයක්, ඩිජිටල් ආර්ථිකයක් සහ ඩිජිටල් සේවා ස්ථිරසාරව ස්ථාපනය කිරම සදහා අවශ්‍ය පියවර රැසක්ද ක්‍රියාත්මක කර ඇති බව මහ බැංකු වාර්තාවේ සදහන් කර ඇත.

රාජ්‍ය අංශයේ සියලුම ඩිජිටල් සන්වර්තන කටයුතු තාක්ෂණ අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතයේ මග පෙන්වීම හා මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක කෙරේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *