ඇමරිකාවේ හිටපු ජනරාල්, හමුදා කුමන්ත්‍රණයකට ආරාධනා කරයි

ඇමරිකානු හමුදාවේ ලුතිනන් ජනරාල් වරයෙකු සහ ඉන් පසු ආරක්ෂක උපදේශක ලෙස ද සිටි Michael T. Flynn පසුගිය සති අන්තයේ සම්මන්ත්‍රණයකට සහභාගී වී සිටියේය.
සම්මන්ත්‍රණයේ සංවිධානයේ සහ සහභාගිත්වයේ සියලු දෙනා QAnon group හි ආධාරකරුවන් වූවේය. QAnon යනු සමාජ මාධ්‍ය ජාල හරහා ක්‍රියාත්මක වන කුමන්ත්‍රණ න්‍යායන් (conspiracy theory) විශ්වාස කරන සහ ප්‍රවර්ධනය කරන කණ්ඩායමකි.

ඔවුන්ගේ විශ්වාසයට අනුව පසුගිය ජනාධිපතිවරණයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කර ඇති අතර කුමන්ත්‍රණයක් හරහා එය වෙනස් කර ඇත. මීට අමතරව ඔවුන්ගේ විශ්වාසයන් අතර ඉතාම විහිළු සහගත දේවල් ද තිබේ. QAnon ආධාරකරුවන් කෙසේ හෝ ආණ්ඩුව ඉවත් කර ඩොනල්ඩ් ට්‍රම්ප් අතට බලය ලබාදීමට වැඩ කළ යුතු යැයි විශ්වාස කරන්නොය. ඇමරිකාවේ කොංග්‍රසය පිහිටි කැපිටල් හිල් පාක් ක්‍රමයට පැමිණියේද මොවුන් ය.

ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් හි පැවති සම්මන්ත්‍රණයේ සහභාගී වූවෙක් “මියන්මාරයේ සිදුවූවාට සමාන දෙයක් මෙහි කරන්නේ බැරිවෙන්නෙ ඇයි” කියා ප්‍රශ්නයක් ඇසුවේ ය. මියන්මාරයේ ඡන්ද ප්‍රතිඵල අහෝසි කොට හමුදා කුමන්ත්‍රණයක් හරහා රාජ්‍ය බලය අල්ලා ගත් සිදුවීමට සමාන දෙයක් ඇමෙරිකාවේ කිරීම පිළිබඳව අසනවිට Michael Flynn ගේ පිළිතුර වූයේ, “හේතුවක් නෑ. මම කියන්නේ ඒක මෙහෙ සිදුවිය යුතුයි.” යන්නයි.


සබැඳි පුවත්
https://www.nytimes.com/2021/06/01/us/politics/flynn-coup-gohmert-qanon.html

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *