ආණ්ඩුව මාස 12කදී රුපියල් ට්‍රිලියන 2ක් ණය අරන් – හර්ෂ ද සිල්වා අනාවරණය කරයි

මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය්‍ය හර්ෂ ද සිල්වා

මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය්‍ය හර්ෂ ද සිල්වා

වත්මන් රජය 2020 වසර තුළ පමණක් රුපියල් ට්‍රිලියන 2ක් ( බිලියන 2000ක්) ණය ලබාගෙන ඇති බවත් මේ මුදල්වලින් කළේ මොනවාද යන්න ප්‍රශ්නයක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“ඊයෙ පෙරේදා මුදල් අමාත්‍යාංශය ඔවුන්ගේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා 2020ට. එතනත් කණගාටුයි කියන්න අර කලින් කරපු ඉලක්කම් විජ්ජාව කරගෙන යනවා. ඔවුන් කියනවා වාර්ෂික වාර්තාවෙන් 2020 අයවැය පරතරය 11.1%යි කියලා දළ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව. හැබැයි පිටිපස්සෙ ඇපෙන්ඩික්ස් එකට ගිහිල්ලා බැලුවාම එතන තමයි විගණකාධිපතිවරයා විසින් සනාථ කරන ලද ගිණුම් ටික තියෙන්නෙ, එතන තියෙනවා ගිය අවුරුද්දෙ අයවැය පරතරය 14.1%යි කියලා. බලන්න කොච්චර බොරුවකින් මුලාවකින් මේ රටේ මිනිස්සු සහ ජාත්‍යන්තරය රවට්ටන්න මොවුන් හදනවාද කියලා.

කට්ටිය කිව්වා අපි ණය ගන්නෙ නෑ, ආයෝජන ගේන්න යනවා කියලා. ගිහිල්ලා බලන්න 2019 දෙසැම්බර් 31 වෙනකොට මේ රටේ සමස්ත ණය තිබ්බෙ රුපියල් ට්‍රිලියන 13.01යි. 2020 ඉවර වෙනකොට ඒ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 15.1යි. ඒ කියන්නෙ එක අවුරුද්දකට මේ යෝදයෝ ට්‍රිලියන 2ක් ණය අරගෙන තියෙනවා. විවේචනය තිබුණෙ මාස 60කින් යහපාලන ආණ්ඩුව ට්‍රිලියන 5.5ක් ණය ගත්තා කියලා. දැන් අපි අහනවා මේ ආර්ථිකය කරන පුද්ගලයින්ගෙන් ඔහෙලා කොහොමද මාස 12කින් ට්‍රිලියන 2ක් ගත්තෙ ? මේ ඩබල් ! මොනවද කළේ ??” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *