ආදායම ඩොලර් මිලියන 40යි, රුසියානු සංචාරකයන් 26000ක් – ආණ්ඩුවේ සූදානම ඊළඟ පොකුරට මග පෑදීමද?

රුසියානු සංචාරකයන් 26000ක් - ආදායම ඩොලර් මිලියන 40යි; සංචාරක බුබුළු වලින් ආණ්ඩුවේ සූදානම ඊළඟ පොකුරට මග පෑදීමද?

රුසියානු සංචාරකයන් 26000ක් - ආදායම ඩොලර් මිලියන 40යි; සංචාරක බුබුළු වලින් ආණ්ඩුවේ සූදානම ඊළඟ පොකුරට මග පෑදීමද?

වසරේ ඉදිරි මාසය 07ක කාලය තුළ රුසියානු සංචාරකයන් 26,000ක් මෙරටට ගෙන්වීමට සැළසුම් කර ඇති බව උදයංග වීරතුංග මහතා පවසනවා. ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 40ක පමණ මුදලක් ඒ හරහා රටට උපයා ගත හැකි බවයි ඔහු පවසන්නේ.

යුක්රේන සංචාරකයන් ගෙන්වීමට කටයුතු කළ අවස්ථාවේදී විවිධ අභූත චෝදනා එල්ල කර එම ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීම සඳහා විවිධ පුද්ගලයන් උත්සාහ දැරූ බව පෙන්වා දෙන උදයංග වීරතුංග මහතා පවසන්නේ පසුගිය මාස 05 ක කාලය තුළ මාලදිවයින වෙත සංචාරකයන් ලක්ෂ 04 හමාරක් පමණ පැමිණ ඇති බවයි. එම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ සංචාරකයින් 15,000 කට ආසන්න ප්‍රමාණයක් පමණක් බවද වීරතුංග මහතා පෙන්වා දෙනවා.

යුක්රේන සංචාරකයන් හරහා කොරෝන් ව්‍යාප්ත වූයේ නම් ශ්‍රී ලංකාවේ මෙන් 30 ගුණයක් මාලදිවයිනේ ආසාදිතයන් සිටිය යුතු බවද උදයංග වීරතුංග මහතා පවසනවා.

ආණ්ඩුවේ සූදානම ඊළඟ පොකුරට මග පෑදීමද? – සජිත්

මේ අතර ආණ්ඩුවේ සූදානම ඊළඟ පොකුරට මග පෑදීමද? යනුවෙන් සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කරුණු කිහිපයක් පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබේ.

සංචාරක බුබුළු ක්‍රමවේදය යටතේ විදෙස් සංචාරකයින් සඳහා යාල ඇතුළු සංචාරක ස්ථාන විවෘත කිරීමෙන් ආණ්ඩුව මෙරට ජනතාව පරීක්ෂණාගාර මීයන් බවට පත් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරන්නේ විදේශිකයින්ට ප්‍රමුඛත්වය ලබාදීමේ අරමුණ කුමක් ද යන්නය.

එම සම්පූර්ණ නිවේදනය පහතින්:

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *