වත්මන් රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දෙවන ලේකම්වරයාද ඉල්ලා අස්වේ

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු කෘෂිකර්ම අමාත්‍යාංශය පත් කළ දෙවන ලේකම්වරයාද ඉල්ලා අස්වෙයි

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු කෘෂිකර්ම අමාත්‍යාංශය පත් කළ දෙවන ලේකම්වරයාද ඉල්ලා අස්වෙයි

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු කෘෂිකර්ම අමාත්‍යාංශය පත් කළ දෙවන ලේකම්වරයාද ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකර ඇතැයිද වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා පත් කළ අතර ඔහු වසරකට ආසන්න කාලයකින් පසු ඉල්ලා අස්විය. ඉන් පසු නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම්වරයා ලෙස කටයුතු කළ එම්.බී රෝහණ පුෂ්පකුමාර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස දෙවන වරට පත් කළ අතර මේ වනවිට ඔහුද ඉල්ලා අස්වී ඇත.

එම්.බී රෝහණ පුෂ්පකුමාර ලේකම්වරයා සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ කෘෂි පොහොර සම්බන්ධයෙන් එල්ලවෙමින් තිබෙන බලපෑම් හේතුවෙන් යැයිද වැඩිදුරටතු වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *