ආණ්ඩුව අසමත් බව පෙන්වා තිබියදීත් රනිල් මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න හදන්නේ ඇයි ?

කොවිඩ් 19 මර්දන වැඩපිළිවෙලට රටක් ලෙස එකතු වී පිළිතුරු තිබියදී දැනටමත් අසමත්ව සිටින ජනාධිපතිවරයා සහ කැබිනට්ටුව විසින් මේ වෙනුවෙන් තීරණ ගත යුතු බවට රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන ප්‍රකාශය පුදුමය දනවන්නක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා කියා සිටියේය. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ 05වන දින මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රනිල් වික්‍රමසිංහ මහතා එලෙස ඉටුකරන්නට හදන්නේ කාගේ වුවමනාවදැයි හෙතෙම ප්‍රශ්න කර සිටියේය.

”මේ ගණුදෙනුකාර දේශපාලනයේ නිමාවක් දැකිය යුතුයි. අපේ රට ප්‍රපාතයට ගෙනිහින් තියෙනවා. අපි ඒගොල්ලන්ව ආරක්ෂා කරනවා. ඒගොල්ලෝ අපිව ආරක්ෂා කරනවා. මේවා නිසා තමයි ජනතාව කලකිරුණේ. මේ වැරදි දේශපාලනය ගැන කෝපයක් තියෙන්නේ. අද ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම ගැනත් ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. කදවුරු දෙකකටයි මේ රට බෙදිලා තියෙන්නේ. එකක් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන කඳවුර. අනෙක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මර්දනය කරන කඳවුර. රනිල් වික්‍රමසිංහ මහතත්යා තෝරාගන්න ඕනේ තමන් සිටිය යුත්තේ කොයි කඳවුරේ ද කියන කාරණය.”

ජනතාවගේ ජීවිත බේරාගැනීම සඳහා දැන්වත් පටු,ගණුදෙනුකාර දේශපාලනයෙන් ඉවත්වී සාමූහිකව තීරණ ගත යුතු තැනට පැමිණිය යුතු බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *