කොරෝනා වසංගතයේ සුල මුල: “9 දෙනෙකුගේ වෛද්‍ය වාර්තා ලබා දෙන්න” ඇමරිකාව චීනයෙන් ඉල්ලයි

අහඹු PCR පරික්ෂණ වලින් රටපුරා කොරෝනා පොකුරු

අහඹු PCR පරික්ෂණ වලින් රටපුරා කොරෝනා පොකුරු

කොරෝනා වසංගතයේ සුල මුල සොයා ගැනීම සඳහා 9 දෙනෙකුගේ වෛද්‍ය වාර්තා ලබා දෙන ලෙස ඇමරිකාව ඉල්ලා සිටී. මෙම නවදෙනාගෙන් තිදෙනෙක් වුහාන් වෛරස් පර්යේෂණ ආයතනයේ පර්යේෂකයන් වන අතර, ඉතුරු හය දෙනා පතල් කම්කරුවන් වෙයි.

වෛරස් පර්යේෂණ ආයතනයේ පර්යේෂකයන් තිදෙනා 2019 අවුරුද්දේ අසනීප තත්ත්වයකින් පෙළී සිටි අතර ඔවුන්ගේ වෛද්‍ය වාර්තා ලබාගැනීමෙන් ඔවුන්ට වැලඳී තිබුණේ SARS-Cov-2 වෛරසය ද යන්න ඒ හරහා දැන ගැනීමට හැකි වනු ඇත.

අවුරුදු කිහිපයකට පෙර අසනීප තත්වයකින් පෙළුණු පතල් කම්කරුවන් සය දෙනෙකුගේ ද වෛද්‍ය වාර්තා අධ්‍යනය කළ යුතු බවට ඇමෙරිකාව පවසයි. SARS-Cov-2 වල ජාන වලට ඉතා සමාන ජාන සහිත කොරෝනා වෛරසයක් සොයා ගැන තිබුණේ එම පතල පිහිටි ගුහාව තුළ සිටින වවුලන්ගෙ ශරීරයේ දී ය. පතල් කම්කරුවන් හරහා කෙලින්ම සමාජයට හෝ, වෛරස් පර්යේෂණ ආයතනයට ගොස් එතැන් සිට සමාජයට වෛරසය පැතිරුණා විය හැකිද යන්න දැන ගැනීමට ඔවුන්ගේ වෛද්‍ය වාර්තා උපකාරී විය හැකි යැයි ඇමෙරිකාව විශ්වාස කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *