බැංකු ගණනාවකට ණය වී සිටින ගෑස් සමාගම ආණ්ඩුව මිලදී ගනී

මෙරට රාජ්‍ය බැංකු දෙකක් වන ලංකා බැංකුවට රුපියල් මිලියන 12,200ක් හා මහජන බැංකුවට රුපියල් මිලියන 10,100ක් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ගණනාවකට ණය වී සිටින සීමාසහිත ලාෆ් ගෑස් සමාගම මිලදී ගැනීමට ආණ්ඩුව සූදානම් වෙනවා.

ඒ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහායි. ලාෆ් ගෑස් සමාගමේ කොටස් 40%ක් රජයට අයත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් මිලදී ගත යුතු යැයි මැයි 14වන දා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ලාෆ් ගෑස් සමාගමේ සභාපතිත්වය දරන්නේ ඩබ්. කේ. එච්. වෑගපිටිය මහතා යි.
රාජ්‍ය බැංකු දෙකට පමණක් රුපියල් මිලියන 22,000ට වඩා ණය වී, දැනටත් පාඩු ලබන ආයතනයක් වන ලාෆ් ගෑස් සමාගම රක්ෂණ සංස්ථාව විසින් මිලදී ගැනීමට තීරණය කිරීම මේ වන විට කොළඹ, කොටුවේ පිහිටි ඓතිහාසික ගොඩනැගිලි සහ ඉලං පවා විකුණන තැනකට තල්ලු වී සිටින ආණ්ඩුවක් ගත යුතු ක්‍රියාමාර්ගයක් නොවන බවයි ඇතැමෙක් කියන්නේ.
මේ වන විට තවත් ප්‍රමුඛ ගෑස් සමාගමක් වන ෂෙල් ගෑස් සමාගම රජය යටතේ ඇති ශ්‍රී ලංකා රක්ෂණ රක්ෂණ සමාගම සතුව තිබියදී තවත් ණය කරුවෙක් බවට පත්ව තිබෙන ගෑස් සමාගමක් මිලදී ගැනීමට පුදුමයක් බවයි ඒ අය පවසන්නේ.
-A5

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *