ලංකාවේ කම්කරු ජීවිත රැකගන්න එක්සත් ජාතීන් ප්‍රමුඛ ජාත්‍යන්තරය සංවිධාන 8ක් පෙරට එයි

කර්මාන්තශාලා කම්කරුවන් දස දහස් ගණනක ජීවිත රැකගැනීමට ශ්‍රී ලංකා රජයට සහ කර්මාන්තශාලා හිමියන්ට හැකි ඉක්මණින් බල කර සිටින්නැයි නිදහස් වෙළඳ කලාප (FTZ) සහ මෑන්පවර් කම්කරුවන් සමඟ වැඩ කරන සිවිල් සමාජ සංවිධාන සහ වෘත්තීය සමිති අටක් ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටී.
මෙම අර්බුදය කළමනාකරණය කිරීම සඳහා ක්ෂණික පියවර ගන්නා ලෙසට සහ කම්කරුවන්ට වහාම ක්‍රියාත්මක වන ලෙස එන්නත් ලබා දෙන ලෙසට ශ්‍රී ලංකා රජයට බල කරන්නැයි ද ඔවුන් ඉල්ලා තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර වෙළඳ නාම සහ ශ්‍රී ලංකාව තුළ සිටින විදේශ දූත මණ්ඩල ඇතුළු ජාත්‍යන්තර බලධාරීන් වෙත මෙම ඉල්ලීම සිදුකර ඇත.
දාබිඳු සාමූහිකය, මානව සංවර්ධනය සඳහා විප්ලවීය පැවැත්ම (RED), ශ්‍රමඅභිමානී කේන්ද්‍රය, ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් ලංකා, ශ්‍රී ලංකා නාවිකයන්ගේ ජාතික සංගමය (NUSS), ලංකා වෙළද කාර්මික හා පොදු කම්කරු සංගමය (CIWU), ඇඳුම් හා රෙදිපිළි ඇඟලුම් සේවක සංගමය (TGCWU), ශ්‍රී ලංකා ලෝහ හා සංක්‍රමණික කම්කරුවන්ගේ ජාතික සංගමය (NUMMS) යන සංවිධාන එක්ව මෙම ඉල්ලීම සිදුකරයි.
මේ සම්බන්ධයෙන් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා අමාත්‍ය, කම්කරු කොමසාරිස් ජෙනරාල් සහ ආයෝජන මණ්ඩලය ඇතුළු වෙනත් අදාළ බලධාරීන් වෙත දැනුම්වත් කර සති දෙකක් ගතව ඇතත්, මාධ්‍යවල පවා පළ වූ එම ඉල්ලීම්වලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
දැනට පවතින අර්බුදය පිළිබඳව නිසි තක්සේරුවක් කිරීම සඳහා අවම වශයෙන් සති දෙකක කාලයක් සඳහා සියලුම කර්මාන්තශාලා වසා දමා පුළුල් ලෙස PCR පරීක්ෂණ සිදු කළ යුතු බව එම සංවිධාන පෙන්වා දෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *