නියමානුකූලව කොරෝනා එන්නත ලබා දී තිබුණා නම්, අධික මරණ සංඛ්‍යාවක් සිදු නොවීමට ඉඩ තිබුණි – තිස්ස විතාරණ

කොවිඩ් – 19 මර්දන එන්නත වයස අවුරුදු 60ට වැඩි අයටත්, මාරාන්තික රෝගවලින් පෙළෙන අයටත් මුල් අවස්ථාවේම මුළුමනින්ම එන්නත ලබා දී තිබුණා නම් කොවිඩ් – 19 බලපෑමෙන් අධික මරණ සංඛ්‍යාවක් වාර්තා නොවීමට ඉඩ තිබිණි. සෞඛ්‍ය බලධාරීන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ මගපෙන්වීම් නොසලකා හැරීම කණගාටුවට කරුණක් බව ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ් – 19 වෛරස බලපෑම පාලනය කිරීමට රජය වර්තමානයේ ගෙන ඇති පියවර සම්බන්ධයෙන් වීමසීමේදී ඔහු ඉහත සඳහන් පරිදි පැවසීය.

ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ ,

අළුත් අවුරුදු කොවිඩ් පොකුර පාලනය කිරීමට පමා වූ හෙයින් ඔවුන් ගත් තීන්දු තීරණ වර්තමානයේ ක්‍රියාත්මක වෙමින් පවතී.

අළුත් අවුරුදු සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ද , විශේෂඥ වෛද්‍යවරුන්ගේ මාර්ගෝපදේශයන් ද නිසි පරිදි ක්‍රියාත්මක කර තිබුණා නම් වත්මන් අර්බුදය පැන නොනගී.

කොවිඩ් – 19 බලපෑම පාලනය කරන විශේෂ යාන්ත්‍රණයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම පක්ෂ නායකයින්ගේ උපදෙස්වලට අනුකූලව ක්‍රියා කළ යුතුයි. සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරන දේශපාලඥයින් තම ප්‍රදේශයේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි වගකීමකින් යුතුව පාර්ලිමේන්තුව තුළින් නිසි ක්‍රමවේද ක්‍රියාත්මක කළ යුතු බව කොවිඩ් පළමු රැල්ලෙදී ම මා දැනුවත් කළෙමි. මෙම ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නොවන බවට සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසූ බව ඔහු වැඩි දුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *