ඊශ්‍රායෙල හස්බරා ව්‍යාපෘතිය ට සමාන බොරු ප්‍රචාරන “උලුප්පා දැක්වීමේ” ව්‍යාප්තියත් චීනයෙන්

ඊශ්‍රායෙල හස්බරා ව්‍යාපෘතිය ට සමාන බොරු ප්‍රචාරන "උලුප්පා දැක්වීමේ" ව්‍යාප්තියත් චීනයෙන්

ඊශ්‍රායෙල හස්බරා ව්‍යාපෘතිය ට සමාන බොරු ප්‍රචාරන "උලුප්පා දැක්වීමේ" ව්‍යාප්තියත් චීනයෙන්

චීන රජය මගින් සමාජ මාධ්‍ය ජාල තුළ අරගෙන යන “උලුප්පා දැක්වීමේ” ව්‍යාපෘතියක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ‍ප්‍රජාතන්ත්‍රවාදය සහ තාක්ෂණය සඳහා වූ වැඩසටහන (program on democracy & technology) මගින් සොයා පළ කර ඇත. මීට අදාළ සියලු නිරීක්ෂණ කර ඇත්තේ 2020 ජූනි 9 වනදා සිට 2021 පෙබරවාරි 3 දක්වා වූ කාල පරාසයේදී ය.

එම වාර්තාවට අනුව චීන රජයට අනුබද්ධ නිලධාරින්ගේ සහ මාධ්‍ය ආයතනයන් වල ට්විටර් සහ ෆේස්බුක් ගිණුම්වල විශාල ප්‍රතිශතයක් එම ගිණුම සමඟ චීන රජයට ඇති සම්බන්ධය සඟවා ඇත. උදාහරණයක් ලෙස චීන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ගේ ට්විටර් ගිණුම් වලින් 86% තමන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් බව ප්‍රසිද්ධියේ පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇත. (table 1 page 9 & figure 6 page 9)

මෙම රජයේ ගිණුම් වලට වෙන්වූ උලුප්පා දක්වන්නන් හෝ මෙම ගිණුම් වලින් එක ගිනුමකට ම වෙනම ම කැපවූ උලුප්පා දක්වන්නන් මගින් ලයික් කිරීම්, රිට්වීට් ඇතුළු ප්‍රචාරණයක් සිදු කොට ඇත. මෙම උලුප්පා දක්වන්නන් එකම ට්විටර් පණිවිඩය නැවත නැවත රිට්වීට් කිරිමේ අවස්ථාද බහුල වශයෙන් දැකගන්නට තිබේ. සමහරවිට එකම ට්විටර් පණිවිඩය තත්පර දහයකට අඩු විරාමයකින් නැවත නැවතත් රිට්වීට් කිරීම් සිදු වී ඇත. මෙම ට්විටර් ගිණුම් රිට්වීට් කිරීම්වලින් පසු කිසිම ක්‍රියාවලියක් නොපෙන්වන අතර නැවතත් ක්‍රියාවලියක් පෙන්නුම් කරන්නේ තමන් රිට්වීට් කිරීමට නියමිත ගිණුමකින් ට්විටර් පණිවිඩයක් නිකුත් වුවහොත් පමණි.

උදාරණයක් ලෙස, ඇන්ගෝලාවේ චීන තානාපති කාර්යාලයේ ට්විටර් ගිණුමෙන් නිකුත් වූ පණිවිඩ වලට අදාල රිට්වීට් වලින් 60% කට වැඩි ප්‍රමාණයක් සිදු කර ඇත්තේ @amitkum09617147 යන ගිණුමෙන් පමණි. කසකස්තානයේ චීන තානාපති කාර්යාලයේ ට්විටර් ගිණුමින් නිකුත් වූ පණිවිඩ වලට අදාල රිට්වීට් වලින් 64% කට ප්‍රමාණයක් සිදු වී ඇත්තේ ගිණුම් දෙකකින් සහ නයිජීරියාවේ චීන තානාපති කාර්යාලයේ ට්විටර් ගිණුමින් නිකුත් වූ පණිවිඩ වලට අදාල රිට්වීට් වලින් 68% කට ප්‍රමාණයක් සිදු වී ඇත්තේ ගිණුම් 5 කින් පමණි.

@peacesign21 ට්විටර් ගිණුම බොරු උලුප්පා දැක්වීමේ ගිණුමක් ලෙස හඳුනා ගැන ට්විටරයෙන් ඉවත් කිරීමට පෙර සිය චීන තානාපති කාර්යාලයේ ට්විටර් පණිවිඩවලින් රිට්වීට් 1003 ක් සිදුකර ඇත. මෙලෙස ට්විටර් ආයතනයෙන් ඉවත්කළ ගිණුම් සංඛ්‍යාව උලුප්පා දක්වන්නන්ගේ ප්‍රමාණයෙන් ඉතා සුළු ප්‍රතිශතයක් පමණි. (Table 2 page 12)

මෙම ඉවත් කරන ලද ගිණුම් වලින් වැඩි වාසියක් ලබාගත් රාජ්‍ය තාන්ත්‍රික ට්විටර් ගිණුම් වල ප්‍රතිශතය පහළ රූපයේ දක්වා ඇත.
(Figure 9 page 14)

මෙම සමීක්ෂණයේ ශ්‍රීරී ලංකාවට අදාල චීන සමාජ මාධ්‍ය ජාලා ගිණුම් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් නොමැති නමුත් චීනයේ සිට සිංහලෙන් ක්‍රියාත්මක වන facebook ගිණුම් කිහිපයක් ශ්‍රීහඬ මාධ්‍ය කණ්ඩායමේ නිරීක්ෂණයට භාජනය වී ඇත. චීනයේ ෆේස්බුක් තහනම් අතර, චීනයේ සිට ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යන්නේ නම් එය චීන රජයට අනුබද්ධ ගිණුම් පමණි. නමුත් මෙම ගිණුම්වල තමන්ගේ රාජ්‍ය අනුබද්ධ භාවය සඟවා ස්වාධීන ගිණුම් ලෙස පෙනෙන පරිදි ක්‍රියාත්මක වේ.

ඊශ්‍රායෙල රජය මගින් විශ්වවිද්‍යාල සිසුන්ට මුදල් ගෙවා මීට සමාන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව අවුරුදු කිහිපයකට පෙර නිරීක්ෂණය වී තිබුණි. ශ්‍රී ලංකාවේ පවා ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය වී ඇත.

Chinas-Public-Diplomacy-Operations-Dem.Tech-Working-Paper-2021.1-4

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *