ලංකාවේ ඉතා අවදානම් තත්වයක ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවන්න පුළුවන් අමෙරිකාව කියයි – ආරක්ෂක ලේකම් උත්තර දෙයි!

නුදුරු දිනකදී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බවත්, සංචාරකයන් ගැවසෙන ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, ආපන ශාලා, සුපිරි වෙළෙදසැල්, පොදු ස්ථාන, ‌හෝටල්, රෙස්ටූරන්ට්, ආගමික ස්ථාන, ගුවන්තොටුපොළවල්, විශාල සංස්කෘතික උත්සව, අධ්‍යාපන ස්ථාන, රෝහල් ආදිය ත්‍රස්ත ඉලක්ක විය හැකි බවත් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.

මේ හේතුව මත යම් හදිසි ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වුවහොත් ලංකාවේ දුරස්ථ ප්‍රදේශවල සිටින අමෙරිකානුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අපහසුතාවක් පැන නගින් ඇති බවත් එම නිවේදනය මගින් වැඩිදුරටත් දක්වා ඇත.

එම නිවේදනය මෙසේය.

Do not travel to Sri Lanka due to COVID-19. Exercise increased caution in Sri Lanka due to terrorism.

Read the Department of State’s COVID-19 page before you plan any international travel.

The Centers for Disease Control and Prevention (CDC) has issued a Level 4 Travel Health Notice for Sri Lanka due to COVID-19, indicating a very high level of COVID-19 in the country. Visit the Embassy’s COVID-19 page for more information on COVID-19 in Sri Lanka.

Terrorists may attack with little or no warning, targeting tourist locations, transportation hubs, markets, shopping malls, government facilities, hotels, clubs, restaurants, places of worship, parks, major sporting and cultural events, educational institutions, airports, hospitals, and other public areas.

The U.S. government has limited ability to provide emergency services to U.S. citizens in remote areas.

 

https://lk.usembassy.gov/u-s-citizen-services/security-and-travel-information/

 

ආරක්ෂක ලේකම් උත්තර දෙයි!

අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සඳහා නිකුත් කරන ලද සංචරණ සීමා අනුව ත්‍රස්තවාදී කාණ්ඩයට ඇතුළත් කිරීම පිළිබඳව අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බව ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා අවධාරණය කරයි.

තවද ආරක්‍ෂක අමාත්‍යංශය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු අනෙකුත් ජාතික ආරක්ෂාව පිළිබඳව කටයුතු කරන ආයතන විසින් ජාතික ආරක්ෂාව මනාව තහවුරු කර ඇති බව ආරක්‍ෂක ලේකම්වරයා පෙන්වා දී ඇත.

වර්ථමානයේ රට තුළ පවතින කොවිඩ්-19 තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව මෙසේ එක්සත් ජනපදය විසින් 4 වන මට්ටමේ සංචරණ සීමා නිකුත් කර ඇතත්, එහිදී ත්‍රස්තවාදී තර්ජන සබැඳිව අඩංගු වීම එම වර්ග කිරීමේ ක්‍රියා පිළිවෙතට අනුව සාමාන්‍යයෙන් සිදුවන්නක් බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *