නීතිපති දප්පුල ද ලිවේරා විශ්‍රාමයාමත් සමග ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරී නිශාරා ජයරත්න මෙනවිය ද තනතුරෙන් යයි

නීතිපති දප්පුල ද ලිවේරා මහතා මැයි 24 දින විශ්‍රාම යයි; ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරී නිශාරා ජයරත්න මෙනවිය ද තනතුරෙන් යයි

නීතිපති දප්පුල ද ලිවේරා මහතා මැයි 24 දින විශ්‍රාම යයි; ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරී නිශාරා ජයරත්න මෙනවිය ද තනතුරෙන් යයි

ශ්‍රී ලංකාවේ 47 වන නීතිපතිවරයා ලෙස සේවය කළ නීතිපති දප්පුල ද ලිවේරා මහතා (මැයි 24) දින විශ්‍රාම යයි.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා සිය ධූර කාලය තුළ අපරාධ නඩු 27,206ක් පිළිබඳ කටයුතු අවසන් කර තිබේ. එනම්, 2019 වසරේ මැයි සිට 2021 මැයි දක්වා නීතිපතිවරයාගේ දෙවසරක කාලය තුළ අදාළ නඩු අවසන් කර ඇත. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 අප්‍රේල් 29 වන දින වැඩබලන නීතිපතිවරයා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා පත් කරන ලද අතර ඔහුගේ පත්වීම 2019 මැයි 7 වන දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සනාථ කළ අතර ඒ මහතා 2019 මැයි 10 වන දින නීතිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

මේ අතර, නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී නිශාරා ජයරත්න මෙනවිය ද නීතිපති දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම ගැනීමෙන් පසු නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී තනතුරෙන් (මැයි 24) ඉවත් වන බව සදහන් කර තිබිණි.

ඒ අනුව, මෙරට 48 වන නීතිපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා පත් කරන ලද අතර,(24)දින විශ්‍රාම යන නීතිපති දප්පුල ද ලිවේරා මහතාගෙන් පසු නීතිපති ධූරයට රාජරත්නම් පත් කිරීමට ඉකුත් දා පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය ද හිමි විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *