කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනි ගනිමින් තිබෙන රසායන ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවට සම්බන්දව නිවේදන දෙකක්

X-Press Pearl වන්දි නඩුවට සහය වීමට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

X-Press Pearl වන්දි නඩුවට සහය වීමට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමකට ලක්ව තිබෙන එක්ස්ප්‍රස් පර්ල් රසායන ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවේ සේවය කරනු ලබන නාවිකයින් දෙදෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ ඔවුන්ව නෞකාවෙන් ඉවත් කර ගැනීමේදී ඇතිවූ තුවාල හේතුවෙන් බව සඳහන්. නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන් ඉවත් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ නෞකාවේ මේ වනවිටත් ගින්න දැඩිව පවතින අතර එය නිවීම සඳහා නාවික හමුදාව / වරාය අධිකාරිය මෙන්ම අදාළ නෞකාවේ දේශීය නියෝජිත ආයතනයද එක්ව සිටිනවා. එමෙන්ම ගින්න පාලනය සඳහා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක්ද මේ වනවිට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් යොදවා ඇති අතර ගිනි නිවීමේ රසායනික ද්‍රව්‍ය ඉසීමයි එහිදී සිදුවන්නේ.


ධීවර රාජ්‍ය අමාත්‍යගෙන් නිවේදනයක්

කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනි ගනිමින් තිබෙන නෞකාවේ වූ බහාලූම් පහක් පමණ මුහුදට වැටී ඇති වාර්තා වේ. එම බහාලූම් පහෙන් බහාලූම් තුනකම – රසායනික ද්‍රව්‍ය අඩංගුව ඇති බවට තහවුරු වී අතර, එම රසායනික ද්‍රව්‍ය ශ්වසන අපහසුතා සහ ආසාත්කතා ඇති කිරීමට හේතුවන බව පැවසේ.

එබැවින් පාවෙමින් පවතින එම බහාලූම් දුටුවෝතින් වහාම එම ස්තානයෙන් ඉවත්වන ලෙස – සුළුපන්න ධීවර ජනතාවට සහ වෙරළාසන්නයේ ජීවත් වන සියළු ධීවර ජනතාවට දැනුම් දෙන ලෙස රාජ්‍ය අමාත්‍ය කන්චන විජේසේකර දැනුම් දී සිටියි.

“කොළඹ වෙරළ තීරයන්හි ඇති අමුතු දේවල් අල්ලන්න එපා” – සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය

වෙරළාසන්න ප්‍රදේශවල පාවෙමින් පවතින සැකකටයුතු ද්‍රව්‍ය ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කොළඹ තදාසන්න ප්‍රදේශවල ජනතාවට දැනුම් දෙනවා.
එම ද්‍රව්‍ය ඇතැම්විට මේ වනවිට කොළඹ වරාය ආසන්නයේ ගිනි ගනිමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විෂ රසායනික ද්‍රව්‍ය බැවින් ඒවා සිරුරට අහිතකර විය හැකි බවයි අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය පවසනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *