කොරෝනා වසංගතය ජූනි මාසයේ තවත් වර්ධනය වී බැරෑරුම් වීමට අවස්ථාවක් තිබේ

රට තුළ වර්තමානයේ ඇති වී ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය, ලබන මස කාලසීමාවේ තවදුරටත් වර්ධනය විය හැකි බව, කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රසව හා කාන්තා රෝග අංශයේ මහාචාර්ය වෛද්‍ය හේමන්ත සේනානායක මහතා ප්‍රකාශ කර ඇත.

මේ පිළිබඳව තවදුරටත් ප්‍රකාශ කළ ඔහු,
” රට තුළ ඇති වී තිබෙන මෙම කොරෝනා වෛරස ව්‍යාප්තිය වර්ධනය වී ඇත. ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ ප්‍රතිශතය, දිනෙන් දින ඉහළ යමින් පවතී. එසේවුවත් මුළු දිවයිනටම මෙම තත්ත්වය දැනට බලපා නැත. මෙම තත්ත්වය මත, ලබන මස පමණ තත්ත්වය බැරෑරුම් වීමට අවස්ථාවක් තිබේ. එම නිසා, ස්වයං ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *