(VIDEO) මිනිස්සු නොපැමිණීම නිසාවෙන් විකුණගන්න බැරිවූ එළවළු නොමිලේ බෙදනකොට මිනිස්සු දහස් ගණන් පෝලිමේ ඇවිත්

ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තබන ලෙස රජය විසින් සිදු කළ දැනුම්දීම අනුව රාත්‍රී කාලයේ ක්‍රියාත්මක වන මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය 14 වනි දා විවෘත කර නමුත් එළවළු මිලදී ගැනීමට ජනතාව නොපැමිණීම නිසාවෙන් ආර්ථික මධ්‍යස්ථානයට ගෙනවිත් තිබූ රුපියල් ලක්ෂ 12ක පමණ එළවළු තොග නොමිලේ බෙදාදීමට කටයුතු කර තිබුණි.

ආර්ථික මධ්‍යස්ථානයේ නොමිලේ එළවළු බෙදාදෙන බවට ලද තොරතුරු මත සංචරණ සීමාවන්ද නොතකමින් දහසකට ආසන්න පිරිසක් දිගු පෝලිම්වල සිට එළවළු රැගෙන යෑමට පැමිණ තිබුණි.

කෙසේවෙතත්, රජය ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබුව ද මෙම තත්ත්වය මත ලබන සඳුදා දින තෙක් යළි එළවළු තොග නොගෙනීමටත් වෙළෙඳසැල් වසාදැමීමටත් තීරණය කළ බව ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ ලේකම් චමින්ද රොහාන් මහතා පැවසීය.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *