අසත්‍ය ප්‍රකාශයක් සිදුකලයි කියන පුද්ගලයෙකුගෙන් අධිකරණ ඇමැති රුපියල් කෝටි 100 ක් ඉල්ලයි

අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට බලෙන් උස්සගෙන එන්න බෑ; එනිසා ඔහු නැතිව නඩු අහනවා - අලි සබ්රි

අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට බලෙන් උස්සගෙන එන්න බෑ; එනිසා ඔහු නැතිව නඩු අහනවා - අලි සබ්රි

පුවත්පත් සාකච්ඡාවකදී අසත්‍ය ප්‍රකාශයක් සිදුකොට තම කීර්ති නාමයට හානි කිරීම වෙනුවෙන් දින 14ක් තුළ රුපියල් බිලියනයක වන්දියක් ගෙවන ලෙස දැනුම් දෙමින් බද්දේගම පදිංචි ආනන්ද ලැනරොයිට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා එන්තරවාසියක් යවා ඇත.

ප්‍රජාතන්ත්‍රවාය සඳහා වූ පුරවැසි සංවිධානය පසුගිය 10 වැනි දා පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී බලපිටිය මහාධිකරණයේ විභාග කරන නඩුවක විත්තිකරුවන්ට සාධාරණයක් කරන ලෙසට දැනුම් දෙමින් මහාධිකරණ විනිසුරුවරයාට අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා ලිපියක් මගින් දැනුම් දුන් බවට කළ ප්‍රකාශයකින් තමන්ගේ කීර්තිනාමයට හානියක් සිදුව ඇති බව එම එන්තරවාසියේ සඳහන් කර ඇත.

නීතිඥ සනත් විජයවර්ධන මහතා මගින් යවා ඇති මෙම එන්තරවාසිය අනුව දින 14ක් තුළ රුපියල් බිලියනයක වන්දිය නොගෙව්වහොත් ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *