Type to search

පලස්තීන – ඊශ්‍රයිල ගැටුමේ සුලමුල | ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලතීෆ් ෆාරුක්ගෙන් විග්‍රහයක්

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

මැදපෙරදිග කලාපය නොසන්සුන් කරමින් නැවත යුද ගිනි ඇවිලී ඇත. ඒ ඊශ්‍රායිලය සහ පලස්තීනය අතරයි.

ඉකුත් රාමසාන් සමයේ පලස්තීනුවන් සිය රටේ පිහිටි පුණ්‍ය දේවස්ථානයක් වන අල් අක්සා දේවස්ථානයේ දේව මෙහෙයන්ට සහභාගි වෙමින් සිටි අතරතුරු ඊශ්‍රායිල ආරක්ෂක අංශ සමඟ ඇති වූ ගැටුම දුර දිග යෑම නිසා දෙරට අතර යුදමය වාතාවරණයක් හටගත්තේ දෙරට අතර රොකට් ප්‍රහාර හුවමාරු වීමත් සමඟ ය.

මේ වන විට කුඩා දරුවන් ඇතුළු පලස්තීනුවන් 200කට ආසන්න පිරිසකට ඊශ්‍රයිල ආරක්ෂක අංශ කිහිප දෙනෙකුට ද මෙම කලබල තත්වය මරු කැඳවා ඇත. මීට පෙර ද අවස්ථා ගණනාවක දෙරට අතර යුද ගිණි ඇවිලුණි. 1967 දින හයේ අරාබි යුද්ධය 2006 හිස්බුල්ලා සටන්කරුවන්ගේ පහර දීම 2014 පලස්තීන ඊශ්‍රායිල ගැටුම ඉන් ප්‍රධාන වේ. මෙලෙස දෙරට අතර නිතර ගැටුම් ඇති වීමට බලපෑ ඉතිහාසමය හේතූන් කවරේ ද යන්න විමසීම මෙම ලිපියේ අරමුණු වේ.

ජාත්‍යන්තර ප්‍රවෘත්ති විශ්ලේෂක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලතීෆ් ෆාරුක් මහතා විසින් ඉංග්‍රීසියෙන් සම්පාදනය කළ ලිපියක් ආශ්‍රයෙන් මෙම ලිපි පෙළ නිව්ස් නව් ඔබට ඉදිරිපත් කරනු ලබයි.

මහා බ්රිතාන්යය පලස්තීන භූමියේ ඊශ්රයිලය නමින් යුදෙව් රාජ්යයක් පිහිටුවීම.

පලස්තීන ජනතාවට හිමි පලස්තීනය මැද පෙර දිග ප්‍රදේශයේ කේන්ද්‍රීයව පිහිටි රටක් වන අතර, මෙම ඓතිහාසික රට ගොඩනැගුනු ඈත අතීතයේ පටන් අද වන තුරු එහි අගනුවර ලෙස පවතින්නේ ජෙරුසලමයි. සවුදි අරාබියේ මක්කා නගරයේ තිබෙන කාබා මන්දිරය මුස්ලිම්වරුන්ගේ වැඳීමේ දිශාව වශයෙන් නිර්දේශ වීමට පෙර ඔවුන්ගේ වන්දනයේ දිශාව වශයෙන් පැවතියේ ද ජෙරුසලමේ පිහිටි ශුද්ධ අල් අක්සා පල්ලියයි.

විසි වන සියවස ආරම්භය වන විට මෙම පලස්තීනය තුර්කියේ ඔටෝමන් පාලනයට අයත් එක් ප්‍රාන්යතක්ව පැවැතියේ ය. එසේ යටත් විජිතයක්ව පැවැති කාලයේ මෙම දේශය ඉතා සාමකාමී හා සන්සුන් රටක්ව පැවතුණි. දෙදෙනෙකු ගුටි බැට හුවමාරු කරගන්නවා තබා පරුෂ වචනවලින් ඇන බැන ගැනීම පවා මෙහි නොඇස විරූ දෙයක්ව පැවැතියා පමණක් නොව, දෙනෙකු පොදු ස්ථානයක ශබ්ද නගා සුහද සංවාදයක යෙදී සිටිනු දැකීම ද ඉතා දුලබ දසුනක්ව තිබුණේ යැයි ඉතිහාඥයින් සඳහන් කරති.

මෙවන් යහපත් සාමකාමී දේශයක කුමන්ත්‍රණයේ, වෛරයේ, ක්‍රෝධයේ රුදුරු යක්ෂයින් හිස් ඔසවන්නට පටන් ගත්තේ විසි වෙන සියවස මැද භාගය වන විටය. එනම් යුරෝපයේ හා ලොව පුරා පැතිර තමන්ට යැයි කියා රටක් නොමැතිව, යන යන රටවල්වල මිනිසුන් අසමගි කරන නිසා එතැන්වලින් පළවා හරිනු ලැබූ, කූට යුදෙව්වන් ක්‍රමක්‍රමයෙන් මෙම පිවිතුරු දේශයට සංක්‍රමණය වන්නට පටන් ගැනීමෙන් පසුවය.

ජර්මනියෙන් පලස්තීනයට පළා එන යුදෙව්වන්

එසේ ඔවුන් හීන් සැරේ පලස්තීනයට ඇදී ඒම ආරම්භ කළේ බ්‍රිතාන්‍යය හා ඇමරිකාව ප්‍රමුඛ යුරෝපාකරයේ ඇතැම් රටවල් ද එක්ව දියත් කරන්න පටන් ගෙන තිබූ බිහිසුණු අපරාධයක එක් ප්‍රධාන පියවරක් ලෙසිනි.

මුස්ලිම් අරාබි රටවල් පිරි මැද පෙරදිග කලාපයේ කලබල ඇති කිරීම මෙම ඇමරිකානු හා යුරෝපා කුමන්ත්‍රණකරුවන් විසින් කලක පටන් අපේක්ෂා කරන ලද්දක් වන අතර එය මෙහි තවත් එක් අතුරු ඵලයකි.

මේ අතර පළමු ලෝක සංග්‍රාමය හටගෙන තුර්කිය අන්ත පරාජයට පත් වූ නිසා පලස්තීනය ඇතුළු යටත් විජිත ගණනාවක්ම තුර්කියේ පාලනයෙන් ගිලිහී තිබුණු නිසා පලස්තීනය මහා බ්‍රිතාන්‍යයේ පරිපාලනයට යටතට තාවකාලිකව පත් කරන ලදි. මෙම සංග්‍රාම සමයෙහි සිරිත් පරිදි සවුදි අරාබිය ඇතුළු අරාබි රටවල් සියල්ලම මිත්‍ර පාක්ෂිකයින් සමඟ එක්ව ක්‍රියා කළ අතර තුර්කියේ යටත් විජිතයක්ව පැවැති හා භෞතිකව කේන්ද්‍රීය ස්ථානයක පිහිටා තිබුණු පලස්තීනය එසේ තමන්ට සහය දක්වන්නේ නම් යුද්ධයෙන් පසු පලස්තීනයට නිදහස දෙන බවට ද බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර පාක්ෂිකයින් විසින් ජෙරුසලමට පොරොන්දු වූහ. ඒ වන විට යුද්ධයේ ප්‍රවණතාවය මිත්‍ර පාක්ෂිකයින් ඒකාන්තයෙන්ම දිනනු ඇත යන නිශ්චිත වාතාවරණයක් ද, තුර්කිය බිඳ වැටෙනු ඇත යන තත්වයක් ද නිර්මාණය වී තිබූණු නිසා, පලස්තීනය මෙම යෝජනාවට එකඟ විය.

නමුත් සුද්දන් දෙනු ලැබූ පොරොන්දුව අවසන් වූයේ, ලොව පුරා විසිරී සිටි යුදෙව්වන් නීති විරෝධි අන්දමින් ගෙන්වා ඔවුන් පලස්තීනය තුළ පැල පදියම් කොට පලස්තීන ජනතාවට එහි ජීවත් වීම අසීරු කරමින් එම දේශයේ සෑහෙන කොටසක් යුදව්වන්ට හිමි රටක් කර දී ඉස්රායේලය යයි එය නම් කර ප්‍රකාශයට පත් කිරීමෙන් ය.

බ්‍රිතාන්‍ය හමුදාව

ලොව අන් කිසිඳු රටකට සිදු නොවූ මෙම අපරාධය සිදු වූයේ 1948 වර්ෂයේ ය. රුසියාවෙන් ද, පෝලන්තයෙන් ද, ජර්මනියෙන් හා අනෙක් රටවල් ගණනාවකින් ද වහ වහා පිටවී මෙහි පැමිණ පදිංචි වූ යුදෙව්වන් අතර එකෙකු හෝ පලස්තීනය මීට පෙර ලෝක සිතියමකවත් හරි හැටි දැක තිබුණේ දැයි සැක සහිතය. එතෙක් පලස්තීන ජනගහණයෙන් 95%ක පලස්තීන අරාබීන් වූ අතර පලස්තීන දේශයේ 95%ක කොටසක් හිමිව තිබුණේ ද ඔවුන්ට ය.

කලහ ඇති කිරීම හා කුමන්ත්‍රණ කිරීම පිළිබඳ ලෝක ශූරීන් ලෙස ඉතිහාසය පුරා වැජඹුණු මෙම සටකපට යුදෙව්වන්, තමන්ගේ දේශයට මෙසේ බුරුතු පිටින් පැමිණීම දුටු පලස්තීනුවන් ද අසල්වැසි අරාබි රටවල් ද ඉමහත් කනස්සල්ලට පත් විය. නමුත් යටත් විජිතයක්ව දැනට ඉංග්‍රීසි පාලනයට යටතට පත්ව තිබෙන රටක් ලෙස විරෝධතා දැක්විම හැර පරිපාලනමය වශයෙන් කළ හැකි කිසිවක් නොමැති අසරණ තත්වයකට ඔවුහු පත්වූ හ.

 

 

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *