(VEDIO) “ගෝඨාභය රාජපක්ෂ දැන්වත් දෝලාවෙන් බැහැලා අනෙකාට ඇහුම්කන් දෙන්න”- අනුර දිසානායක

(VEDIO) "ගෝඨාභය රාජපක්ෂ දැන්වත් දෝලාවෙන් බැහැලා අනෙකාට ඇහුම්කන් දෙන්න"- අනුර දිසානායක

(VEDIO) "ගෝඨාභය රාජපක්ෂ දැන්වත් දෝලාවෙන් බැහැලා අනෙකාට ඇහුම්කන් දෙන්න"- අනුර දිසානායක

තෙතමනයක් නැති, සහකම්පනයක් නැති, අනෙකා ගැන හැඟීමක් නැති වියළි මිනිසුන්ට රටක් පාලනය කරන්න බැරි බව පෙන්නුම් කරමින් ඇති බැවින් ගෝටාබය රාජපක්ෂ මහතා දැන්වත් දෝලාවෙන් බිමට බැස අනෙකාට ඇහුම්කන් දිය යුතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම සිදුකිරීමට දේශපාලන පක්ෂයක් ලෙස පමණක් නොව පුරවැසියන් විදියට අපිට අයිතියක් තිබෙන බවත් අපේ කිසිදු පුරවැසියෙක් මේ වසංගතයේ අනිසි ගොදුරු බවට පත් නොවීමට පාලකයන්ගේ අධිෂ්ඨානය තිබිය යුතු බවත් වර්තමාන පාලකයගෙන් එවැනි හැසිරීමක් බලාපොරොත්තු වන බවත් ඔහු පවසයි. ඔහු මේ අදහස් පළ කරනු ලැබූවේ එම පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මෙම මාධ්‍ය හමුවට ජවිපෙ නායකයා සමඟ එම පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද එක්ව සිටි අතර මාධ්‍ය හමුවේදී ඔවුන් පළකළ සම්පූර්ණ අදහස් මෙසේය…

“කොවිඩ් වසංගත තත්වය හේතුකොටගෙන අපේ රට මුහුණ දී තිබෙන අතිශය බිහිසුනු තත්වයත් එය මැඩපැවැත්වීම සඳහා දේශපාලන ව්‍යාපාර, ආණ්ඩුව, පුරවැසියන්ට තිබෙන කාර්යභාරය පිළිබඳව කරුණු කිහිපයක් පැහැදිලි කරන්න මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වනවා. මේ වනවිට ලංකාව තුළ කොවිඩ් වසංගත තත්වය සීග්‍රයෙන් බිහිසුනු වසංගත තත්වයක් දක්වා දිනපතා වර්ධනය වෙමින් තිබෙනවා. එම තත්වයේ සීග්‍ර වර්ධනය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ දත්තවලින් පැහැදිලි වෙනවා. පසුගිය දින තුනේදී කොවිඩ් රෝගීන් 7,192ක් හඳුනාගෙන තිබෙනවා. තවත් විදිහකට කියනවා නම් පසුගිය දින 10 තුළ හඳුනාගත් අයගෙන් 38%කට වඩා වැඩි ප්‍රතිශතයක් දින තුනකදී හඳුනාගෙන තිබෙනවා. 10වැනිදා 2,624ක්, 09වැනිදා 2,672ක් සහ 08වැනිදා 1,896ක් ආදී වශයෙන්.

ඒ වගේම මියයැම් 10වැනිදා 26ක්, 09වැනිදා 15ක්, 08වැනිදා 22ක් වශයෙන් වාර්තාවලට අනුව මේ දින තුන ඇතුළත 63දෙනෙකු මියගොස් තිබෙනවා. සැබවින්ම ගත්තොත් ඝාතනය වී තිබෙනවා. එය ඉතා බරපතළ තත්වයක්. පුරෝකතනය කරන සමහර ආයතනයන් මෙය ඉතාමත් භයානක අන්තයකට තල්ලුවිය හැකි බවට බරපතළ අනතුරු ඇඟවීම් කර තිබෙනවා. මියයන සංඛ්‍යාව සහ රෝගය වැළඳෙන සංඛ්‍යාව දෛනිකව විශාල අනතුරු ඇඟවීම් ජාත්‍යන්තර මට්ටමින් අපේ රට කෙරෙහි සිදුකර තිබෙනවා. මෙය මැඩපැවැත්වීම සඳහා තිබෙන අපේ සෞඛ්‍ය යාන්ත්‍රණය විශාල වශයෙන් අඩපන වෙලා තිබෙනවා. උදාහරණයක් හැටියට රෝගය වැළඳුනු අය රෝහල් කරා ගෙනයාමට නොහැකිව දිස්ත්‍රික්ක ගණනාවක 100කට වඩා වැඩි ප්‍රමාණයක් නිවෙස්වල සිටිනවා. ඔවුන්ට ඇඳක් සොයා ගැනීමට නොහැකි බව අපිට බොහෝ අය කතාකරමින් මේ බව දන්වමින් සිටිනවා. රජයේ රෝහල් පද්ධතියත්, අතරමැදිව ගොඩනගන ලද රෝහල් පද්ධතියෙත් මුළු ඇඳන් පිරී ගොස් තිබෙනවා. මේ නිසා රෝගීන් නිවෙස්වල කර කියාගත දෙයක් නොහැකිව අසරණ වෙලා.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *