තත්ත්වය අවදානම් – අගමැති වහා චීනයෙන් වෙන්ටිලේටර්ස් ඉල්ලයි

කොරෝනා රෝගීන් රට ඇතුළේ විශාල වශයෙන් වාර්තා වී රෝහල් ධාරිතාව ඉක්මවන සීමාවට ආසන්න වීමත් සමග අගමැති මහින්ද රාජපක්ෂ මහතා වහාම චීනයෙන් ඔක්සිජන් සහ ‌ස්වශන පහසු කිරීමේ උපකරණ (වෙන්ටිලේටර්ස්) ඇතුළු වෛද්‍ය උපකරණ ලබා දෙන ලෙසට ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය හරහා අගමැතිවරයා මෙම ඉල්ලීම කර තිබේ.

මේ සම්බන්ධයෙන් වහා යහපත් ප්‍රතිචාර දක්වා ඇති චීනය එම ඉල්ලීමට ප්‍රමුඛත්වය දී කටයුතු කිරීමට තීන්දු කොට ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව වෙන්ටිලේටරස් පමණක් නොව සියලුම වෛද්‍ය ආධාර ලංකාවට ලබා දීමට චීනය තීන්දු කර ඇත.

ඉදිරි දින කිහිපය ඇතුළත මෙම සියලුම වෛද්‍යාධාර ලංකාවට එවීමට චීනය සැලසුම් කරමින් සිටින බවද දැනගන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *