(VEDIO) ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව 2020 විතරක් ගත් ණය පසුගිය අවුරුදු 57 ටම ගත් ණයවලට වඩා වැඩියි – සුනිල් හඳුන්නෙත්ති

අටවාගත් සමාගමකට නීතිපති අනුමැතිය ලබා දුන්නේ කෙසේද? - සුනිල් හඳුන්නෙත්ති

ලාංකිකයන් පැයකට රු. කෝටි 25ක ණයකරුවන් කරල; 1948-2005 දක්වා ගත් ණයවල එකතුව බිලියන 2,226ක්, 2020දී පමණක් ගත් ණය බිලියන 2272ක් - සුනිල් හඳුන්නෙත්ති

රටේ ණය අර්බුදයට අනුව ආණ්ඩුව ජනතාව පැයකට රු. කෝටි 25ක ණයකරුවන් බවට පත්කර ඇතැයි හිටපු කෝප් කමිටු සභාපති, ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා අනාවරණය කරයි.

ඒ අනුව, රජයේ සමස්ත නොපියවූ ණය 2019දී රුපියල් බිලියන 14,155ක්ද 2020 වනවිට එය රුපියල් බිලියන 16,427ක් බවට පත්ව ඇති බවත් පෙන්වා දෙන හෙතෙම පැවසුවේ, මධ්‍යම රජයේ ණය පමණක් රුපියල් බිලියන 15,000ක් සහ රජයේ අනෙකුත් ආයතනවල ණය සහ ඇපකරත් සමඟ එය රුපියල් බිලියන 16,427ක් වී ඇති බවය.

වසරක් ඇතුළත පමණක් බිලියන 2,272කින් රටේ ණය පංගුව වැඩි කර ඇතැයි පවසන ඒ මහතා සඳහන් කළේ 1948-2005 දක්වා රට දිගින් දිගටම ගත් ණයවල එකතුව බිලියන 2,226ක් බවත් ඛේදවාචකයේ තරම තවදුරටත් පැහැදිලි වන්නේ 2020දී පමණක් බිලියන 2272ක ණය ගැනීමෙන් බවත් ය.

හඳුන්නෙත්ති මහතා මේ බව පැවැසුවේ, (මැයි 9) ජ.වි.පෙ. මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *