කොවිඩ් එන්නතට පේටන්ට් බලපත්‍ර අත්හැරීමේ එක්සත් ජනපද යෝජනාවට ජර්මනියේ විරෝධය

අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට කොවිඩ් සිවුවන මාත්‍රාව 09දා සිට

අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට කොවිඩ් සිවුවන මාත්‍රාව 09දා සිට

කොවිඩ් -19 එන්නත සඳහා පේටන්ට් බලපත්‍ර අත්හැරීමේ එක්සත් ජනපද පිටුබලය සහිත යෝජනාවට ජර්මනිය විරෝධය පළ කර ඇති අතර, ඒවා එන්නත් නිෂ්පාදනයට බාධාවක් නොවන බව කියා සිටියේය. එහි රජය පැවසුවේ “බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම නව්‍යකරණයේ ප්‍රභවයක් වන අතර එය එසේ විය යුතු” බවයි. යුරෝපා සංගමය මීට පෙර කියා සිටියේ මේ යෝජනාව ගැන කතා කිරීමට සූදානම් බවයි. මේ සැලසුමට අනුබල දෙන අය පවසන්නේ ජීවිතාරක්ෂක එන්නත් නිපදවීමට වැඩි නිෂ්පාදකයන්ට ඉඩ ලබා දෙන බවයි.

මෙය දුප්පත් රටවල එන්නත්වලට ප්‍රවේශය වැඩි කරනු ඇතැයි ඔවුහු තර්ක කරති. එහෙත් ඖෂධ නිෂ්පාදකයන් ඇතුළු විරුද්ධවාදීන් පවසන්නේ එය අපේක්ෂිත බලපෑමක් ඇති නොකරනු ඇති බවයි. ගෝලීය වාණිජ්‍ය ප්‍රවර්ධනය කරන අන්තර් රාජ්‍ය ආයතනයක් වන ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) රටවල් 60ක පමණ කණ්ඩායමක් මෙහෙයවන ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව විසින් මේ අදහස මුලින් යෝජනා කරන ලදී. එන්නත් සඳහා බුද්ධිමය දේපළ ආරක්ෂණ තාවකාලිකව ඉවත් කිරීමට මේ කණ්ඩායම පෙලඹී සිටී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *