හොරෙන් කොරෝනා එන්නත විදගත් නගරාධිපති, තොරතුරු ලීක් කළාට මිලියන 500 ක් වන්දි ඉල්ලයි

පසුගියදා අනාවරණය වූ සෞඛ්ය සේවකයන් වෙනුවෙන් නිකුත් කළ ඇක්සාසෙනිටා එන්නතේ දෙවෙනි මාත්රාව කුරුණෑගල නගරාධිපතිගේ ආණ්ඩුපක්ෂ දේශපාලනඥයෙකුගේ පවුලේ ඥාතීන්ට ලබාදුන් බවට තොරතුරු හෙළිකළැයි කුරුණෑගල සහකාර නාගාරික වෛද්ය නිලධාරි සිය නිල කාමරයට කැදවා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව විතාරණ මහතා දොස් පවරා ඇතයි වාර්තා වෙනවා

.
මෙලෙස කැඳවා ඇත්තේ කුරුණෑගල සහකාර නාගරික වෛද්ය නිලධාරි වෛද්ය දුමින්ද විජේසුරිය මහතායි. එහිදී නගරාධිපතිවරයා කියා ඇත්තේ තමන් ඔහුගෙන් රු. මිලියන 500 ක වන්දි ඉල්ලා නඩු පවරන බවයි. තමන්ගේ ඥාතීන්ට හෝ මහාමාර්ග අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දුගේ ඥාතීන්ට මෙම එන්නත දුන් බවට හැකිනම් ඔප්පු කරන ලෙස ද නගරාධිපතිවරයා වෛද්යවරයාට අභියෝගකාර තිබෙනවා.

වෛද්යවරයා විසින් සිය මාධ්ය මිතුරකුට සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දෙමින් කළ ප්රකාශයක හඩ පටයක් ද නගරාධිපතිවරයා විසින් නාගරික වෛද්යවරයාට අසන්නට ද සලස්වා ඇත. වෛද්යවරයා මාධ්ය මිතුරාට දුන් තොරතුරු සහිත හඩ පටය එම මාධ්ය ආයතනය විසින් නගරාධිපතිවරයා වෙත ලබාදී ඇතැයි මේ වන විට වෛද්යවරයාට වාර්තා වී තිබෙනවා.

-LT

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *