නාමල් කැබිනට් ඇමතිකම භාවිතාකර ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ අලෙවි ප්‍රවර්ධන වැඩට බසී

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් මැයි 4 වෙනදා සම්මත කරගන්නා ලද ‘ජිම් කට්ටල 500’ ව්‍යාපෘතිය ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අලෙවි ප්‍රවර්ධන ක්‍රියාවලියේ කොටසක් බවට තවදුරටත් තොරතුරු අනාවරණය වේ.

එම ආයතනය විසින් Crossfit Gym in the Box නම් අලෙවි ව්‍යාපෘතියක් මගින් කන්ටේනර් තුල කාය වර්ධන සහ ව්‍යායාම් කට්ටල සවි කර විකිණීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. ඒ සඳහා ප්‍රචාරක කටයුතු මේ වසරේ ජනවාරි මුල සිට ආරම්භ කර ඇති බව ඔවුන්ගේ වෙබ් පිටුවෙන් අනාවරණය වෙයි. එම අලෙවි ව්‍යාපෘතියේ දිගුවක් ලෙස මැයි 02 වනදා ඔවුන්ගේ අලෙවි ප්‍රදර්ශනාගාරය අමාත්‍ය නාමල් රාජපක්ෂ අතින් විවෘත විය.

රුපියල් කෝටි 62.5ක් වියදම් කරමින් රජය විසින් මිලදී ගැනීමට යන්නේ ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් ප්‍රයිවට් ලිමිටඩ් විසින් අලෙවිකරණ එම ජිම් කට්ටල වේ. මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූ පසු අමාත්‍ය නාමල් රාජපක්ෂ කියා සිටියේ කොවිඩ් වසංගතය අවසන් වූ පසු එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි. එහෙත් ඔහු කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන විට මෙරට දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1700 ඉක්මවමින් තිබුණ අතර ඒ මොහොතේ ඒ පිළිබඳ කිසිදු අවධානයක් යොමු කර තිබුණේ නැත.

මේ වන විට රට පුරා කායවර්ධන මධ්‍යස්ථාන පවතින අතර දැනටමත් මෙරට ජනතාව භාවිතා කරන එම ස්ථානවලට කාය කායවර්ධන උපකරණ ලබාදීමට අමාත්‍යවරයා කටයුතු කර නැත. ඒ වෙනුවට ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන්වන ලද කන්ටේනර් තුළ ජිම් කට්ටල ව්‍යාපෘතියට රජයේ මුදල් වියදම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමට අමාත්‍ය නාමල් රාජපක්ෂ කටයුතු කර ඇත. ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගමේ Crossfit Gym in the Box ප්‍රචාරක දැන්වීම පහත සබැඳියෙන් බලා ගත හැක.

-Lankatruth

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *