පාස්කු ප‍්‍රහාර සම්බන්ධයෙන් පූජිත් ජයසුන්දරට, හේමසිරි ප‍්‍රනාන්දුට චෝදනා 1728ක්
පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවක් එල්ල කරන බවට තොරතුරු ලැබී තිබියදී එම ප‍්‍රහාර වළක්වා ගැනිමට අවශ්‍ය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව මිනී මැරීම හා මනී මැරීමට තැත් කළ බව ඇතුළු චෝදනා 1728 ක් යටතේ නඩු පැවරීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා තීරණය කර ඇත.
දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 සහ 300 වගන්ති යටතේ විත්තිකරුවන්ට එරෙහිව පවරණ මෙම නඩු විභාග කිරීම සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කළේය.
හිටපු පොලිස්පතිවරයාගේ හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ නීතිවිරෝධී නොකරහැරීම හේතුවෙන් පුද්ගලයන් 275 කට ජීවිතවලින් වන්දි ගෙවීමට ද තවත් 500 කට බරපතල තුවාලවලට ලක්වීමට ද සිදුව ඇති බව නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාට පෙන්වාදී ඇත.
පුද්ගලයින් 275 ක් මරා දමන ලද බවට ද තවත් 500 කට බරපතල තුවාල සිදුකොට ඔවුන් මරාදැමීමට තැත්කළ බවට ද චෝදනා කරමින් හිටපු පොලිස්පති ජූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ විශේෂ දැන්වීමක් ද ප‍්‍රදර්ශන කළේය.