බෞද්ධයන් 1% වත් නැති එංගලන්ත නිව්කාසල් ප්‍රදේශයේ අවුරුදු 148ක් පැරණි කතෝලික පල්ලියක් පන්සලක් බවට පරිවර්තන කරලා

(photos) ලංකාවේ වෙන්නෙ නැති දෙයක්: එංගලන්තෙ අවුරුදු 148ක් පරණ පල්ලියක් පන්සලක් කරලා

(photos) ලංකාවේ වෙන්නෙ නැති දෙයක්: එංගලන්තෙ අවුරුදු 148ක් පරණ පල්ලියක් පන්සලක් කරලා

එංගලන්තයේ නිව්කාසල් හි අවුරුදු 148ක් පැරණි කතෝලික පල්ලියක් පන්සලක් බවට පරිවර්තනය කිරීමේ කතා පුවතක් අසන්නට ලැබේ. එය අපූරු කතාවකි.

මේ සඳහනට අනුව ලාභ නොලබන ආයතනයක් ලෙස පවත්වාගෙන යන නිව්කාසල්හි ධම්මකාය පන්සල තුළ කෙරෙන බෞද්ධ වැඩසටහන් ජනතාවගේ අභ්‍යන්තර සාමය (INNER PEACE) දියුණු කර ගැනීම මෙන්ම සිත දියුණු කිරීම මුල් කොටගත් ඉගැන්වීම් වේ. ඒවා කොයි ආගමට අයිතිද කියා හෝ කොයි ජාතියකට අයිතිද කියා ඉරි ගසා වෙන් කර නැත. අර ජාතියට මේ ජාතියට ඇතුල්වීම තහනම් කර නැත. අධ්‍යාත්මික සුන්දරත්වය විඳින්නට ජාති ආගම් බේද නැත.

සතියේ සෑම බදාදා දිනකම සවස 7.00 සිට 8.20 දක්වා භාවනා වැඩසටහන් මාලාවක් පැවැත්වේ. භාවනා වැඩසටහන්වලට සහ වෙනත් වැඩසටහන්වලට සහභාගී වීමේ තහනමක් නැත.

ඒ හැරුණු කොට ඉරිදා සවස 2.30 සිට 4.00 දක්වාත් බ්‍රහස්පතින්දා සවස 7.00 සිට 8.30 දක්වාත් මෙම පන්සලේ බෞද්ධ වැඩසටහන් පැවැත්වේ. මේ සියලු වැඩසටහන් සැලසුම් කර ඇති ආකාරය අපූරුය. සෑම කටයුත්තක්ම කිසිවෙක්ට හානි නොවන පරිදිය. දැඩි කාර්යබහුලත්වය මැද වුවද මේ කටයුතු සඳහා වෙලාව වෙන් කර ගැනීමේ හිරිහැරයක් නැත. වැඩිම වුණොත් විනාඩි අනූවකි.

විනාඩි 30 – 40ක් අතර “ථෙරවාද බෞද්ධ භික්ෂූන්ගේ කෙටි ඉගැන්වීම්” මැයෙන් වූ වැඩසටහනක්ද මෙම පන්සලේ බෞද්ධ ඉගැන්වීම්වලට ඇතුළත්ව තිබේ.

එංගලන්තෙ නිව්කාසල් ප්‍රදේශය එරට උතුරු නැගෙනහිර ප්‍රදේශයට අයත් වන අතර තුන් ලක්ෂයකට අධික ජනගහනයක් ජීවත් වේ. සාමාන්‍යයෙන් එංගලන්තය යනු බෞද්ධ රටක් නොවේ. අඩුම තරමේ බෞද්ධ බහුතරයක්වත් ඉන්නා රටක් නොවේ. ඒ අනුව ක්‍රිස්තියානි 59.5%, ආගමක් නැති 25.7%, ඉස්ලාම් 4.4%, හින්දු 1.3%, බෞද්ධයන් ඉන්නේ සීයට 0.4%ක පමණ ප්‍රමාණයකි. එහෙම තත්ත්වයක් යටතේ සුලුතරය යැයි කියමින් කිසිම ක්‍රිස්තියානි පුද්ගලයෙක් අවිආයුධ අමෝරාගෙන එන්නේ නැත. පන්සල් පල්ලි, කෝවිල් කඩා හිරිහැර කරන්නේ නැත.මේ මිනිස්සු ආගම දහම ඉවසන තරමටම විනය ගරුකය. පාඩම් උගත යුතු එහෙමය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *