සීනී බදු වංචාවට නම කියැවුනු නුෂාඩ් පෙරේරා ප්‍රමිති ආයතනයෙනුත් ඉල්ලා අස්වී පෞද්ගලික අංශයට

සීනී ජාවාරමට නම කියැවුනු නුෂාඩ් පෙරේරා ප්‍රමිති ආයතනයෙනුත් ඉල්ලා අස්වී පෞද්ගලික අංශයට

සීනී ජාවාරමට නම කියැවුනු නුෂාඩ් පෙරේරා ප්‍රමිති ආයතනයෙනුත් ඉල්ලා අස්වී පෞද්ගලික අංශයට

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ නුෂාඩ් පෙරේරා එම ධුර‍ෙයන් ඉල්ලා අස්වී තිබේ.

මෙරට සීනී බදු වංචාව සිදුවන සමයේ සතොස සභාපතිවරයා ලෙස නුෂාඩ් පෙරේරා කටයුතු කළ අතර පසුව අදාළ සීනි තොග සතොස මගින් වැඩි මිලට ගෙන අඩු මිගලට විකීමත් අදාළ බදු වංචාවත් සම්බන්ධයෙන් ඔහුගේ නද කියැවිණි. ඉන් පසු ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේද සමීපතමයෙකු වන නුෂාඩ් පෙරේරා සතොස සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ අතර කෙටි කලදී ඔහු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ලෙස ජනාධිපතිවරයා විසින්ම පත් කරන ලදී.

නුෂාඩ් පෙරේරා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ලෙස කටයුතු කරමින් සිටි සමයේ පිළිකාකාරක අඩංගු පොල්තෙල් රට තුළට ඇතුළු වීම සම්බන්ධයෙන් සිදුවීම් ගණනාවක් සිදු වූ අතර ඒ සම්බන්ධයෙන්ද නුෂාඩ් පෙරේරාට චෝදනා එල්ලවිය.

මේ ආකාරයේ සිදුවීම් ගණනාවක් එකිනෙක වෙමින් තිබියදී හදියේම ඔහු සිය ඉල්ලා අස්වීම ලබාදෙමින් පවසා ඇත්තේ පෞද්ගලික අංශයට සම්බන්ධ වීම සඳහා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *