ගෑස් සිලින්ඩර ගැන සමූපකාර සේවා සහ පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශයේ දැනුම් දීමක්

ඩොලර් නොමැතිව ලිට්රෝ සමාගම දින 05කට වසයි

ඩොලර් නොමැතිව ලිට්රෝ සමාගම දින 05කට වසයි

ලීටර් 18 හයිබ්‍රිඩ් ප්‍රිමියර් ගෑස් සිලින්ඩර් නව නිෂ්පාදනයක් ලෙස වෙළඳපොළට හඳුන්වා දෙන්නේ නම්, කරුණු කිහිපයක් පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කිරීමෙන් අනතුරුව ලිට්රෝ ගෑස් ලංකා සමාගමට එසේ ක්‍රියා කිරීමේ හැකියාව ඇති බව සමූපකාර සේවා සහ පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය මේ බව දැනුම් දෙයි.

ඒ අනුව, නව නිෂ්පාදනය වෙළඳපොළට නිකුත් කළ හැක්කේ සිය නව නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව, සිලින්ඩරයේ තිබෙන ගෑස් ප්‍රමාණය සහ මිල, එම සිලින්ඩරය වෙළඳපොළ තිබෙන ගෑස් සිලින්ඩරවලට වඩා වෙනස්ව හඳුනා ගැනීමට හැකිවීම යන කරුණුවලට යටත්වයි.

එමෙන්ම, රට තුළ පරිභෝකියන්ගේ දෛනික අවශ්‍යතාව සඳහා හිඟයකින් තොරව කිලෝ 12.5 සාමාන්‍ය ගෑස් සිලින්ඩරය වෙළඳපොළට නිකුත් කිරීමට එම ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහතික වී ඇතැයිද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

මේ අතර කිලෝග්‍රෑම් 12.5 සාමාන්‍ය ගෑස් සිලින්ඩරය වෙළඳපොළේ මිලදී ගැනීමට නොමැති නම්, ඒ පිළිබඳව පාරිභෝගික අධිකාරියේ 1977 අංකය අමතා වහාම දැනුම් දෙන ලෙසද රාජ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම්දී සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *