සවුදි අරාබියේ රැඳවුම් කඳවුරුවල සිටින ශ්‍රී ලංකා ගෘහ සේවිකාවෝ උපකාර පතති

රැඳවුම් කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගේ ඉරණම පිළිබඳව ඇම්නස්ටි ඉන්ටනැෂනල් සංවිධානය හඬ නගමින් සිටියි

රියාද් අගනුවර රැඳවුම් කඳවුරක රඳවනු ලැබ සිටීන ඔවුන් එහි මුහුණ දී සිටින ඉරණම පිළිබඳව ඇම්නස්ටි ඉන්ටනැෂනල් මානව හිමිකම් සංවිධානය මෑතදී නිකුත්කළ නිවේදනයකින් හෙළි කර තිබුණි.

ඇම්නස්ටි ජාත්‍යන්තරය නගන චෝදනා ගැන සවුදි අරාබිය මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැත.

මේ අතර කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මාධ්‍ය වෙත පවසා තිබුණේ රඳවා සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් පිළිබඳව සවුදි බලධාරීන් සමඟ සාකච්ඡා කළ බවය. ඉතා ඉක්මණින් ඔවුන් යළි සිය රට කැඳවා ගැනීම පිණිස පියවර ගන්නා බව ද ඇමතිවරයා පවසා තිබුණි.

එහෙත් ඒ සඳහා කෙතරම් කාලයක් ගතවනු ඇති දැයි ඇමතිවරයා සඳහන් කර නොතිබිණ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *